ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] «««Computer Network සදහා විශ්ව භාශාවක්»»» ★OSI Model★
#1
Star 
«««Computer Network සදහා විශ්ව භාශාවක්»»»
OSI Model


තොරතුරු හුවමාරු පද්ධතියක එම තොරතුරු ගලා යන ආකාරය එක් එක් කොටස්වලට බෙදා තිබීමක් තමයි ISO Model එක කියන්නෙ. මේක Networkවල ඇති ගැටලු හොයාගන්න ප්‍රයෝජනවත් වෙනවා. මෙය Layers 7කින් සමන්විතවන අතර සෑම ස්ථරයක්ම ඊට ඉහලින් සහ පහලින් ඇති ස්ථර සමග සන්නිවේදනය කරයි. ඒ වගේම මේ OSI Model එක Upper Layer සහ Lower Layer කියලාත් කොටස්  දෙකකට බෙදෙනවා. පහල photo වලින් ඒක පැහැදිලි වෙයි.

[Image: croIEW9l.jpg]

[Image: P1fKLmLl.jpg] Tongue

හරි දැන් අපි මේ එක එක Layers ගැන බලමු.

07.Application Layer(යෙදුම් ස්ථරය)
පරිශීලකයාගේ(user) දත්ත සමග කෙලින්ම අන්තර්ක්‍රියා කරන එකම Layer එක මේක.මේ Layer එකෙන් තමයි userට network system වල interface එක ලබා දෙන්නෙ.

06.Presentation Layer(ඉදිරිපත් කිරීමේ ස්ථරය)
Application Layer එකට එය භාවිත කල හැකිවන පරිදි දත්ත සැකසීම සදහා මේ ස්ථරය මූලික වශයෙන් වගකිව යුතුයි.data translation,encryption සහ compression කටයුතු කරන්නෙත් මේකෙන්.ඒ කියන්නෙ network එක දිගේ එන packets අදාල විදිහට decod කරලා මේක txt ද mp3 ද වීඩියෝ එකක්ද මේකෙ file format එක මොකක්ද කියලා වෙන් කරන්නෙ මෙන්න මේ Layer එකෙන්. ඒ වගේම මේකෙන් Application Layer එකේ ඉන්න කෙනාට මේ දත්ත කියවන්න පුලුවන්ද කියලත් බලනවා.

5.Session Layer(සැසි ස්ථරය)
device දෙකක් අතර සන්නිවේදනය ඇරඹීම හා වසා දැමීම සදහා වගකිව යුතු ස්ථරය තමයි මේක. සන්නිවේදනය ආරම්ඹ කර වසා දැමූ කාලය සැසිය(session) කියල කියනවා. හුවමාරුවන සියලුම දත්ත හුවමාරු උනාට පස්සෙ සම්පත් නාස්ති වීම වළක්වා ගැනීමට සැසිය වහනවා.session layer එක දත්ත හුවමාරුව check point සමග සමමුහුර්ත(synchronization) කරනවා.ඒ කියන්නෙ හිතන්න ඔයා 100mb ක video එකක් download කරනවා කියලා මේ 100mb ඔයාට download වෙන්නෙ කොටස් වශයෙන්. ඒ කියන්නෙ 5mb න් 5 වගේ. එතකොට හදිස්සියෙ ඔයාගෙ data off වෙනවා 45mb ක් ඇවිත් මේක කොටස් විදිහට එන නිසා ඒ 45mb තියෙනවා ආයෙ ඩේට ඔන් කලාම නැවතුනු තැන ඉදලා තමයි ආයෙ download කරන්න ඕනි. දැන් තේරෙනවානෙ මේ check point නැති උනා නම් 95mb න් මොකක් හරි අවුලක් ගියොත් ඒත් මුල ඉදලා ආයෙ ගන්න වෙනවා.

4.Transport Layer(ප්‍රවාහන ස්ථරය)
device දෙකක් අතර සන්නිවේදනය සදහා 4වන ස්ථරය වගකිව යුතුයි. 5ස්වන ස්ථරයෙන් දත්ත ලබා ගැනිම  සහ එය 3න්වන ස්ථරයට යැවීමට පෙර segments ලෙස හැදින්වෙන කැබලිවලට කැඩීම මෙහිදී සිදු වේ. receiver ගේ device එකේ Transport Layer එක 3න්වන layer එකට පරිභෝජනය කල හැකි පරිදි segments නැවත එක් රැස් කිරීමද මෙහිදී සිදු වේ.

3.Network Layer(ජාල ස්ථරය)
විවිධ ජාල දෙකක් අතර දත්ත හුවමාරුව පහසු කිරීම සදහා මේ ස්ථරය කටයුතු කරයි. තව මේ Layer එකෙන් 4වන ස්ථරයේ සිට එන segment sender's device එකේ packets ලෙස හදුන්වන packets ලෙස හදුන්වන කුඩා ඒකක වලට වෙන් කරයි, සහ receiver's device එකේ packets නැවත එකතු කරයි.

2.Data Link Layer(දත්ත සම්බන්ධක ස්ථරය)
මේක network layer එකට ගොඩක්ම සමානයි.මේක එකම ජාලයේ device දෙකක් අතර සන්නිවේදනය සදහා පහසුකම් සලසනවා.මේකෙදි network layer එකෙන් එන packets , frames ලෙස හදුන්වන තවත් කුඩා ඒකක වලට කඩනවා.

1.Physical Layer(භෞතික ස්ථරය)
මේක තමයි අවසාන එක. අනෙක් ලේයර් වලින් එන දත්ත කොහොම ආවත් අන්තිමට යන්න ඕනි bit විදිහට.
ඒ කොයන්නෙ 1 සහ 0 විදිහට මොකද පරිඝණකයට තේරෙන්නේ ඔය දෙක විතරනෙ.ඔන්න ඔය විදිහට දත්ත යන්නෙ මෙන්න මේකෙන්. කේබල් , ස්විච් වගේ භෞතික උපකරණ අයිති වෙන්නෙත් මේ ලේයර් එකට තමයි.



හරි දැන් ඔයාලට අවබෝධයක් ඇවිත් ඇති කියලා හිතෙනවා. මම දැන් කතාවක් කියන්නම්.
නිමල් සහ කමල් කියල දෙන්නෙක් ඉන්නවා.නිමල්ට ඕනි වෙනවා කමල්ට පනිවිඩයක් යවන්න.එයා ඒකට තෝරගන්නෙ email කියලා හිතමුකො. නිමල් email application එකෙන් පණිවිඩය type  කරලා ‘send’ කියලා දෙනවා. එතකොට නිමල්ගෙ email application එක  email පණිවිඩය Application Layer එකට යවනවා, ඒක ප්‍රොටෝකෝලයක් (SMTP) තෝරලා Presentation Layer එකට යවනවා. ඒ Layer එක පස්සෙ දත්ත සම්පීඩනය කරලා Session Layer එකට දෙනවා. එතනින් සන්නිවේදනය පටන් ගන්නවා.

පස්සෙ ඒ දත්ත යවන්නාගේ(නිමල්ගේ) Transport Layer එකට දෙනවා, එතනදි එම දත්ත segments වලට  කඩලා ඒ කොටස් Network Layer එකෙන් packets  වලට කැඩනවා, ඊටපස්සෙ ඒව Data Link Layer එකේදි  Frames වලට තව දුරටත් කඩනවා. Data Link Layer එකෙන් ඒ frames Physical Layer එකට දෙනවා. ඒකෙන් දත්ත 1 සහ 0 bit බවට පරිවර්තනය කර කේබල් වැනි භෞතික මාධ්‍යයක් හරහා යවනවා.

කමල්ගේ පරිගණකයට භෞතික මාධ්‍යයක් හරහා (වයිෆයි වැනි) bit ප්‍රවාහය ලැබුණට පස්සෙ, දත්ත කසුන්ගේ device එකේ Layer හරහා එනවා. ඒ කියන්නෙ ඉස්සලා ආපු එකේ අනිත් පැත්තට.ඒ විදිහට ඇවිත් අන්තිමට කමල්ට msg එක පෙන්නනවා application layer එක හරහා. 


විවිධ Layers භාවිතා කරන ප්‍රදාන නියමාවලි(protocols)

✦Application Layer   = 
 HTTPS , SMTP , DHCP , FTP , Telnet , SNMP ,                 SMPP
✦Presentation Layer =
         XDR , TLS , SSL , MIME
✦Session Layer          =
         PPTP , SAP , NetBIOSL2TP
✦Transport Layer       =
        TCP , UDP , SPX , DCCP , SCTP
✦Network Layer         =
        IPv4 , IPv6 , IPX , AppleTalk , ICMP , IGMP
✦Data Link Layer        =
        ACP , CSLIP , HDLC , IEEE.802.3 , PPP , SLIP , 
        ATM , SDLS , PLIP
★Physical Layer         =
        Bluetooth , PON , OTN , DSL , TIA449

ඔන්න එහෙනම් පෝස්ට් එක නවත්තනවා.මේ ෆෝරම් එකේ ඉන්න හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා මගේ වැරැද්දක් තියෙනවා නම් පෙන්නලා දෙන්න. එහෙනම් හැමෝටම බුදුසරණයි.
Simply thinking is my style;
1
#2
Ela Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
1
Reply
#3
පට්ට..
Mahasona
Junior Reverser /Repacker ]
Get Latest Cracks From -- > My Place
1
Reply
#4
සුපිරි බන්
1
Reply
#5
ft???
1
Reply
#6
Thanks bro
1
Reply
#7
ela..
NO  HUG AND KISSES  ONLY  BUG AND FIXES
1
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Tut] [NetTuto #01] What is a Network Area Master 13 3,083 09-01-2019, 07:44 AM
Last Post: zeal7
  [Tut] Network Testing Methods Anøn LK 7 1,740 09-01-2019, 12:02 AM
Last Post: ★Ka_Ni_▲KN▼
  [Tut] Network Protocols Anøn LK 5 1,215 08-31-2019, 07:00 PM
Last Post: Mr. X
  [Tut] Computer Networking - Intro Area Master 3 1,469 09-18-2018, 03:45 PM
Last Post: Area Master



Users browsing this thread: 2 Guest(s)