ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] APKTOOL [apk /smali / xml ] මොඩ් [apk signer ] Part 2
#1
Wink 
APKTOOL [apk /smali / xml ] මොඩ් [apk signer ] Part 2
[Image: ZKi4SCk.png]



ඔක්කොටෝම කලින් කලින් පෝස්ට් බලලා ඉන්ට අලුත් අය

[To see links please login or register here]


හරි ඔන්න අද ඊයේ කියව්වා වගේම අලුත්ම පාඩමකින් පටන්ගන්නේ ඊයේ කියලා දුන්නා apk ෆයිල් එකක් decompiler සහ recompiler කරගන්න විදිහ ඒ උනාට එහෙම build කරගන්න apk ෆයිල් එකක් නිකන්ම අපේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට දාලා ඉන්ස්ටෝල් වෙන්නේ නෑ ඒකට අපි apk ෆයිල් එක signer කරගන්ට ඕන signer කරගන්නවා කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එක නිකන්ම ඇප් එකක් ඉන්ස්ටෝල් කරගන්නේ නෑ ඒ ඇප් එකේ අනන්‍යතාව අපි තහවුරු කරන්ට ඕන එහෙම කලොත් තමයි ඕඑස් එක අපිට ඇප් එක ඉන්ස්ටෝල් කරග්න්ට දෙන්නේ ඒක කරගන්නා හැටි තමයි අද මම කියන්ට යන්නේ ඒ උනාට ඇප් එක ඇතුලේ තියෙන දේවල් තියෙන ෆෝල්ඩර් ගැන සහ apktool එකේ අපේ වැඩ පහසු කරගන්නා තවත් ක්‍රම තියෙනවා මුලින්ම ඒ ගැන කියලා ඉන්නම් 


අපි නිකන්ම apk ෆයිල් එකක් winrar හෝ 7zip වගේ ඇප් එකකින් ඇතුලේ මොනාද තියෙන්නේ කියලා ඕපන් කරලා බලන්ට පුලුවන් එහෙම බැලුවාට ඕකෙන් අපිට තේරුම් ගන්ට පුලුවන් වෙන්නේ තියෙන ඉමේජ් ටික විතරයි අනිත්මා මොකෙන් ඕපන් කලත් හොයාගන්ට බෑ මොනාද තියෙන්නේ කියලා ඒ කියන්නේ ඇතුලේ තියෙන ඒවා එන්ක්‍රිප්ට් වෙලා වගේ තියෙන්නේ ඒ උනාට apktool වලින් ඒවා ඩීකෝඩ් කරලා බලාගන්ට පුලුවන් මම නිකමට දැන ගන්ට ඒ ටිකත් පැහැදිලි කරන්නම් 


[Image: zZT73fD.png]




* මුලින්ම කියලා දෙන්නම් lib කියන ෆෝල්ඩර් එකෙන් ඇප් එකට තියෙන වැඩේ සහ කරන ක්‍රියාවලිය උඩ පින්තූරේ රතුපාටින් ඊතලය ඇදලා තියෙන එක

lib කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන්නේ ගොඩක්ම වෙලාවට අපේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ තියෙන cpu ආකිටෙක්චර් එක්ට ගැලපෙන විදිහට ඇප් එක රන් කරන්ට ඕන වෙන ලයිබ්‍රීස් මීට අමතර තවත් දේවල් ඕක ඇතුලේ තියෙනවා ඒවා ගැන ඉස්සරහට් ඇඩ්වාන්ස් විදිහට කතා කරනකොට බලමු ගේම් එහෙම මොඩ් කරනකොට හුගක්ම වැදගත් වෙනවා මේවා 


*ඊට පස්සේ තියෙනවා META-INF කියලා ෆෝල්ඩර් එකක් අන්න ඕක ඇතුලේ තමයි තියෙන්නේ අපේ signer ඩීටෙල් ඩිවලපර් ඉන්ෆොමේෂන් වගේ දේව ගොඩක් ඕක ඇතුලේ තියෙනවා ඒක තමයි උඩ පින්තූරයේ නිල් පාටින් ඊතලයක් දාලා තියෙන්නේ 


*ඊට පස්සේ බලාගන්ට පුලුවන් res කියලා ෆෝල්ඩර් එකක් 

ඕක තමයි අපි මොඩ් කරනකොට ගොඩක් වෙලාවට යූස් කරන එක ඕකෙ ඇතුලේ තියෙන්නේ අපි ඇප් එකට දාන පින්තූර තව ඇප් එකේ ලේඅවුට් තව අපි යොදාගන්නා නම් මේක ඇතුලේ තියෙනවා ඒ වගේ ගොඩක් ජාති ඒක ගැන වෙනම කතා කරන්නම් මම ඒ ෆෝල්ඩර් එක තමයි උඩ පින්තූරයේ කොලපාටින් මාක් කරලා තියෙන්නේ 

* ඊට පස්සේ තියෙනවා AndroidManifest.xml කියලා ෆයිල් එකක්

මේක තමයි ඇප් එකේ සියලුම පර්මිෂන් , මුලින්ම ඕපන් වෙන්න ඕන මොන ඇක්ටිවිටි එකද ඊට මතරව ඇක්ටිවිටි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට හදුන්වා දෙන්නේ මේකෙන් තමයි ඇක්ටිවිටි විතරක් නෙව්‍යි සර්විස් වගේ දේවල් මේ හරහා තමයි ෆෝන් එක මුලින්ම ඉන්ස්ටෝල් කරනකොට හදුනා ගන්නේ මේකේ දෙන පර්මිෂන් තමයි අපි ඇප් එකක් ඉන්ස්ටෝල් කරනකොට ඇප් එක ඉල්ලන පර්මිෂන් පෙන්නන්නේ මෙයා හරහා තමයි මේක ගොඩක්ම වැදගත් වෙනවා මොඩ් කරනකොට ඒ ෆයිල් එක තමයිුඩ පින්තූරයේ කහපාටින් මාක් කරලා තියෙන්නෙ 

*ඊලගට තියෙනවා classes.dex ෆයිල් එකක් මේක තමයි සියලුම ජාවා කෝඩ් හකුලගෙන හන්ගගෙන ඉන්නේ මේක ඇතුලේ තියෙන්නේ ඉතිම් අපි ලියන කෝඩ් වලට අමතර වෙනම ගන්නා රන්ටයිම් , ලයිබ්‍රි වගේ දේවල් තමයි ඕක ඇතුලේ තියෙන සියලුම ෆයිල් smali කියන ෆෝමැට් එකෙන් තමයි බලාගන්ට පුලුවන් වෙන්නේ 

මතක තියාගන්ට මම උඩ ඔය කියලා තියෙන්නේ apk ෆයිල් එකක් decompiler කරන්ට කලින් ඕක ඇතුලේ තියෙන දේවල් කෙටියෙන් හදුන්වලා දුන්නේ ගොඩක්ම වැදගත් කියලා හිතෙන දේවල් ටිකක් මීට අමතරව තවත් දේවල් තියෙනවා ඒවා ගැන ඉස්සරහට කතා කරමු

හරි ඊලගට බලමු apk ෆයිල් එකක decompiler කරාට පස්සේ කොහොමද ඇතුලේ තියෙන්නේ කියලා 



[Image: VEsv2OR.png]



මම වැදගත්ම වෙයි කියලා හිතෙන ටික උඩ පින්තූරයේ මාක් කරලා තියෙනවා ඒවා apk ෆයිල් එකක් decompiler කරාට පස්සේ ඒවායේ ඇතුලේ තියෙන්නේ මොනාද බලමු 

res ෆෝල්ඩර් එක ගැන මුලින්ම බලමු මම පහල පින්තූර දෙකක් දානම් එකක් apktool එකෙන් decompiler කරන්ට කලින් නිකන්ම 7zip වලින් ඕපන් කරලා සහ apktool වලින් decompiler කරාට පස්සේ තියෙන විදිහ


decompiler කරන්ට කලින් 
[Image: gwIcnMC.png]


decompiler කරාට පස්සේ

[Image: xHopo2k.png]

උඩ තියෙන්නේ කලින් කීවා වාගේ decompiler කරන්ට කලින් සහ decompiler කලාට පසුව res කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන දේවල් බලන්ට කොයි තරම් දේවල් ගොඩක් වැඩිවෙලා තියෙනවාද කියලා අන්න ඔය වැඩිවෙලා තියෙන ටික නැතිව බෑ අපිට මොකවත් මොඩ් කරන්ට අපිට apk එකක් හරි ආකාරව මොඩ් කරගන්ට ඕනනම් decompiler කරගත යුතුමය 


හරි ඊලට බලමු apk ෆයිල් එකක් decompiler කරාට පස්සේ ඇතුලේ තුබුන AndroidManifest.xml ෆයිල් එක ඕපන් කරලා මම ඒකෙත් decompiler කරන්ට කලින් සහ කරාට පස්සේ තියෙන විදිහ වෙන වෙනම් පෙන්නන්නම් notpad++ වලින් ඕපන් කරලා 


decompiler කරන්ට කලින්

[Image: js2bkFp.png]



decompiler කලාට පසු
[Image: gx726ie.png]



බලන්න දෙකේ වෙනස මම xml ෆයිල් දෙක වෙන වෙනම decompiler කරන්ට පෙර හා පසු දාලා තියෙනවා decompiler කරන්ට පෙර කිසිම දෙයක් පිට තේරුම් ගන්ට බෑ ඒක එන්ක්‍රිප්ට් වෙලා වගේ තියෙන්නේ ඒ උනාට decompiler කලාට පස්සේ බලන්ට හැම දේම අපිට තේරුම් ගන්ට පුලුවන් වෙන විදිහට තියෙනවා මේකේ ඇතුලේ තියෙන හැම xml ෆයිල් එකක්ම decmpiler කලාට පස්සේ අපිට වෙනස් කරන්ට පුලුවන් 


හරි ඊලගට බලමු මෙකේ තියෙන smali කියන ෆෝල්ඩර් එක කියලා කලින් මම කිවා මතකද උඩ decompiler කරන්ට කලින් ඇප් එක ඕපන් කරලා ඒකේ ඇතුලේ තිබුන classes.dex ෆයිල් එක අන්න ඒක තමයි මේ smali කියලා අපිට බලාගන්ට පුලුවන් වෙන්නේ දැන් ජාවා කෝඩ් ඔක්කොම smali කියන ෆයිල් ෆෝමැට් එකෙන් තියෙන ෆයිල්ස් වලට හැරිලා තියෙන්නේ ඔය smali කියන ෆෝල්ඩර් එක දැන් අපිට ඕපන් කරලා ඒක ඇතුලේ තියෙන ෆයිල් වෙනස් කරලා තමයි අපි කරන ගොඩක්ම මොඩ් හැක් කරන්නේ අපි මම ඒක ඇතුලේ තියෙන ෆයිල් එකක් ඕපන් කරලා පෙන්නනම්


[Image: 6jnD1IV.png]

smali ෆයිල් එකක් ඕපන් කලාම ඇතුලේ තියෙන කෝඩ් පේන විදිහ තමයි උඩ පින්තූරේ තියෙන්නේ 


හරි ඔය උඩ තියෙන ටික කියන්නේ නැතිව මට මේක කරගෙන යන්ට හිතුනේම නෑ ඒකයි ටික වෙලාවක් අරගෙන මට තේරෙන විදිහට මම පැහැදිලි කලේ 

හරි දැන් අනිත් ටිකත් කියලාම ඉන්නම් apk signer ගැන කතා කරන්ට කලින් මම ඒ තමයි apktool වල බාවිතා වෙන වෙනත් ක්‍රම මෙහෙම කියව්වොත් පැහැදිලි වෙයි අපිත ඕන කරනවා App එකක් ඇතුලේ තියෙන අයිකන් එකක් හරි ඇප් එකේ තියෙන ලේබල් එකක නමක් හරි එහෙමත් නැත්තම් ඇප් එකේ නම හරි වෙනස් කරන්ට ඕනනම් අපිට ඒකට java ෆයිල් ඒ කියන්නේ smali තියෙන classes.dex එක decompiler කරග්න්ට ඕන වෙන්නේ නෑ ඒකට අපිට res ෆෝල්ඩර් එක විතරක් decopiler කරගත්තෙත් ඇති අන්න ඒකට apktool වල වෙනම කෝඩ් එකක් තියෙනවා 

ඔයා මුලිනම apktool ෆෝල්ඩර් එකට ඔයාට decompiler කරගන්ට ඕන apk ෆයිල් එක කොපි කරලා opencmd.bat කියන ෆයිල් එක ඕපන් කරලා පහල කෝඩ් එක ගහලා එන්ටර් කරන්ට 

Code:
apktool d -s test.apk

[Image: TzaAexJ.png]




අන්න ඔය කෝඩ් එක ගලා එන්ට කලාම අපිට පුලුවන් වෙනවා classes.dex එක නැතිව අනිත් res කියන එක විතරක් decompiler කරගන්ට (res කියන්නේ resource කියන එකන එකටයි)


[Image: ev1Q5V1.png]


ඕකෙම අනිත් පැත්තත් අපිට කරන්ට පුලුවන් ඒ කියන්නේ classes.dex එක විතරක් decompiler කරගන්ට ඒකට මම පහත ගහලා තියෙන විදිහට opencmd.bat ෆයිල් එක ඕපන් කරලා ටයිප් කරලා එන්ටර් කරගන්ට

Code:
apktool d -r test.apk


[Image: YApXeZA.png]




ඔය උඩ තියෙන විදිහට පුලුවන් අපිට res නැතිව classes.dex එක විතරක් decompiler කරගන්ට එතකොට අපිට පුලුවන් හරිම දේට විතර්ක් අවදානය යොමු කරන්ට 


හරි දැන් යමු අපේ දවසේ මාතාවට මම අද කියලා දෙන්ට යනේ කොහොමද හරිම පහසුවෙන් apk ෆයිල් එකක් signer කරගන්නේ කියලා signer කරනවා කියන එක ගැන මම පෝස්ට් එක ගැන පටන් ගන්නකොටම කියලා තිබුනා කට්ටිය ඊලේ ඇප් එකක් decompiler කරලා built කරන හැටි ගැන කියලා දුන්නා එහෙම built කරා කියලා ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් වෙන්නේත් නෑ කියලා මම කියව්වා එහෙනම් කොහොමද හරියටම මේක කරන්නේ මුලින්ම මම පහල දාලා තියෙන පැකේජ් එක ඩවුන්ලෝඩ් කරග්න්ට 




[Image: GE4MaRK.png]

[To see links please login or register here]


හරි මම දුන්න ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා එවරන්නම් ඔය zip ෆයිල් එක එක්ස්ට්‍රැක් කරග්න්ට එහෙම එක්ට්‍රැක් කරගත්තාම පහල පින්තූරය වගේ තියෙන්නට ඕන


[Image: 9NruSGJ.png]




හරි ඊලගට කරන්න තියෙන්නේ ඔයාලා signer කරන්ට යන apk ෆයිල් එක ඔය ෆෝල්ඩර් එක ඇතුලට කොපි කරග්න්ට ඕන 


[Image: Bcs9TAi.png]


හරි ඊලගට කරන්න තියෙන්නේ opencmd.bat ෆයිල් එක ඕපන් කරලා මම පහල දාලා තියෙන කෝඩ් එක ගහලා එන්ටර් කරන්ට විතරයි පහල පින්තූරයේ බලාගන්ට පුලුවන් ඒක 
Code:
java -jar asg.jar -a test.apk

[Image: 3rvOI4i.png]

වැඩේ හරියටම වෙලානම් යටින් වැටෙනවා Successfully කියලා මම මේකේ කෝඩ් එකේ ගහලා තියෙන්නේ අගට test.apk කියලා ඒ මට signer කරගන්ට ඕන apk එකේ නම ඔයලා දාන්ට ඕන ඔයාලාට signar කරන්ට යන apk නම ඒක අමතක කරන්ට එපා 
හරි දැන් ඔයලා සාර්තක apk ෆයිල් එක signer කරගෙන තියෙනවා ඔයාල බලාගන්ට පුලුවන් signer folder එකේම ඔයාලාගේ ඒපීකේ එකේ නමින් අගට xxxx-aligned-debugSigned.apk කියලා අලුත් apk ෆයිල් එකක් අන්න් දැන් පුලුවන් ඒක ඔයාලාගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක්ට ටැබ් එකට දාලා ඉන්ස්ටෝල් කරන්ට 
මම signer කරන්ට කලින් apk ෆයිල් එක සහ signer කරගෙන ඉවර උනාට පස්සේ apk ෆයිල් එක 7zip වලින් ඕපන් කරගෙන පෙන්නනම් හොදට බලන්ට ඒකේ අලුතෙන් META-INF කියලා ෆෝල්ඩර් එකක් හැදිලා තියෙනවා 
signer කරන්න කලින්
[Image: DP7CzpY.png]
signer කලාට පසුව 
[Image: rhc1yxE.png]

අද පෝස්ට් එකනම් ගොඩක් දිග්ගැස්සුනා ඒ උනාට මේටික නොකියා බෑ කලින් පෝස්ට් එක බලපු නැති කෙනෙක් ඉන්නවානම් ඒක බලලා එන්ට කියලා මම කියනවා කියලා දෙන දේ හරියටම කියලා දෙන්ට ඕන නිසායි මෙහෙම දාන්නේ ටිකක් බෝරින්ග් වගේ ඇති හැබැයි ඒ මේ ටික විතරයි මොකද ඉස්සරහට දාන්ට යන පෝස්ට් වලදී මේවා එකින් එක කියලා දෙන්ට බෑ දැම පෝස්ට් එකේම එහෙනම් හෙට කොහොමද ඇප් එකක අයිකන් එක නමක් ලේඅවුට් එකට ඉමේජ් එකක් ඇඩ් කරන්නේ වගේ දේවල් කියලා දෙන්නම් හෙට රෑටත් දානවා පෝස්ට් එකක් ජය වේවා
2
1
1
#2
Elama Keep it up mcn Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#3
ඊලග එක දානකම් බලන් ඉන්නවා TFS
-×- WELCOME TO THE HELL -×- Luzifer®                          
Reply
#4
Eka patta aiye love ...
Ilaga post ekath ikmanata genna Big Grin ...
Smile Smile Smile
Reply
#5
පට්ට මචන් , මගදි හලන්නෙ නැතුව දිගටම ගෙනෙන්..
Mahasona
Junior Reverser /Repacker ]
Get Latest Cracks From -- > My Place
Reply
#6
elama
thava post ekak ona]
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Tut] APKTOOL [apk /smali / xml ] මොඩ් Part 1 SaNoJRTX 10 1,483 08-15-2019, 03:22 PM
Last Post: Induwara Uthsara



Users browsing this thread: 1 Guest(s)