ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
[Tut] [MEGATHREAD] Javascript සිංහලෙන්
#1
Javascript සිංහලෙන් 

Javascript කියන්නෙ අද තියෙන ජනප්‍රියම programming language එක කියලා කෙනෙක්ට කියන්න පුලුවන්. මොකද browser එක උඩ දුවන frontend application වල ඉඳන් backend server application වලට වෙනකම් සම්පූර්ණ web application එකක් අද වෙද්දි javascript වලින් ලියන්න පුළුවන්. ඒවගේම, desktop applications (electron.js / nwjs), IoT (johnny-five / nodered) පවා JS ලියන්න පුළුවන්. Web developer කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් JS කියන්නෙ අනිවාර්‍ය අවශ්‍යතාවයක්, මොකද Web එකේ ප්‍රධාන technologies තුනෙන් එකක් තමා JS කියන්නෙ, (HTML+CSS+JS). 

මම මේ නූල පටන් ගන්නෙ, මම JS ඉගෙන ගන්න පාවිච්චි කරපු notes ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න. පුළුවන් තරම් පිළිවෙලකට ඒවා දාන්න උත්සහ කරන්නම්. ඔයගොල්ලන්ට පුළුවන් jsbin.com එකේ හරි, browser console එකේ හරි මම මේ දාන codes උත්සහ කරලා බලන්න. වෙලාව තියෙන හැටියට මේ thread එකේම මගේ JS notes දාන්නම්.

මේකෙ javascript ගැන ඕනෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හැබැයි මේ notes වලට කෙලින්ම් අදාල නොවෙන ප්‍රශ්නයක් නම් ඒක වෙනම නූලක් විදිහට දාන එක හොඳයි, මොකද එතකොට මේ නූල කියවන්නෙ නැති අයටත් උත්තර දෙන්න පුළුවන් නිසා.

මේ note වල වැරදි තියෙන ඒවා පෙන්නලා දෙනවා නම් ඒක හැමෝටම කරන උදව්වක්. ඒ වගේම reply දාන කොට පුළුවන් තරම් තව කෙනෙක්ටත් වැදගත් වෙන විදිහෙ reply දාන්න, "TFS", "එල එල" වගේ ඒවා නම් නැතුවට කමක් නෑ.

මුලින්ම මම පටන් ගන්නෙ Javascript වල comments වලින්. Comments කියන්නෙ javascript වලින් නොසලකා හරින code කොටස් වලට. Comments තියෙන්නෙම අපේ code එක කියවන අයට, සමහර විට අපිම වෙන්නත් පුළුවන්, code එක තේරුම් ගන්න පහසු වෙන්න. Comment එකකින් කරන්නෙ යම් code එකකින් කරන්නෙ මොකද්ද කියන එක මිනිස්සුන්ට සන්නිවේදනය කරන එක.

Javascript වල comment එකක් ලියන්න ක්‍රම දෙකක් තියෙනවා.

පලවෙනි ක්‍රමය තමයි single-line ක්‍රමය. 

// This is a single-line comment

මේ ක්‍රමයට ලියන comment එකක `//` ඉඳන් line එක ඉවර වෙනකම් තියෙන text එක javascript වලින් නොසලකා හරිනවා. මේ වර්ගයේ comment වලට කියන්නෙ single line comments කියලා

ඊලඟ comment වර්ගය තමා block-comment කියන්නෙ. block comment එකක් කියන්නෙ පේලි කිහිපයකට ලියැවෙන comment එකකට. මේ විදිහෙ block-comment එකක ආරම්භය ලකුණු කරන්නෙ `/*` විදිහට, ඒවගේම අවසානය `*/` විදිහට ලකුණු කෙරෙනවා.

/* This is a 
block comment */

Code එකක් ලියනකොට, එකපාර තේරුම් ගන්න අමාරු දේවල් comment වලින් පැහැදිලි කිරීම හොඳ පුරුද්දක්. එහෙමයි කියලා code එක line එකෙන් එක comment දාලා පැහැදිලි කරන්න ඕනෙත් නෑ.
#2
Patta mcn, digatama liayamu

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#3
සුපිරි මචෝ,දිගටම දීහම්
Reply
#4
Thank you
Reply
#5
තෑන්ක්ස් එඩී අයියේ..
මම සිංහලෙන් js ටියුට් ටිකක් හොය හොය හිටියේ.
නවත්තන්නේ නැතුව දිගටම ලියමු. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#6
Javascript is the duct tape of the Internet.
-Charlie Campbell



Damn.. There's a little bit of devil in her angel eye[Image: 5897aa00cba9841eabab615a.png] [Image: 5897aa00cba9841eabab615a.png]



Reply
#7
TFS Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#8
අපි දන්නවා computer එකක හැම දත්තයක්ම ගබඩා වෙන්නෙ ද්වීමය (binary) විදිහට කියලා. ඒ කියන්නෙ මේ වෙලාවෙ අපි මේ වැඩ කරන computer එකේ open වෙලා තියෙන හැම program එකක්ම, හැම window එකක්ම, RAM එකේ තියෙන්නෙ එක සහ බින්දු විදිහට. එතකොට කොහොමද අපි මේ එක බින්දු සාගරයක් අතරින් හරියටම අපිට අවශ්‍ය දත්තය වෙන්කරගන්නෙ කියන එක මේ වෙලාවෙ එන ප්‍රශ්නයක්. ඇත්තටම අපිට (programmer ට), OS එකට, processor එකට මේ එක බින්දු සාගරය ඇතුලෙ අතරමං නොවී අවශ්‍ය දත්තය අඳුරගන්න තියෙන එක සාධකයක් තමා අදාල දත්තයේ "වර්ගය" එහෙමත් නැත්නම් Type එක (මේකට හරියනම වචනෙ මං හිතන්නෙ "ප්‍රරූපය").

Data Type එක අනුව තමයි programming language එකක එක දත්තයක් තවත් දත්තයකින් වෙන්වෙන්නෙ. ඒ කියන්නෙ, 12 කියන සංඛ්‍යාව "cat" කියන වචනයෙන් දත්තයෙන් වෙන් වෙන්නෙ මේ data type වෙනස නිසා. ඒ වගේම Data type එකෙන් තමයි යම් දත්තයක් මත යොදන්න පුළුවන් කර්ම (Operations / Operators) තීරණය වෙන්නෙ. උදාහරණයක් විදිහට 12 / 3 කියන්නෙ බෙදීම කියන කර්මය 12 සහ 3 මත යෙදීම. හැබැයි "cat" / "dog" කිව්වොත් අපි කලින් යොදපු බෙදීම කියන කර්මය විදිහට පිළිගන්න අමාරුයි. එක වචනෙකින් තව වචනයක් බෙදනවා කියන එක විකාරයක් වගේනෙ. 

Javascript වල data types 7ක් තියෙනවා, ඒ undefined, null, boolean, number, string, symbol සහ object කියලා.

undefined සහ null කියන්නෙ කිසිම අගයක් නැති බව දක්වන්න පාවිච්චි කරන සංඥා දෙකක්. අගයක් නැති අගයක් (!)

boolean කියන්නෙ සත්‍ය අසත්‍ය බව දක්වන දක්වන දත්ත වර්ගය. මේ වර්ගයේ දත්ත තියෙන්නෙ දෙකයි, ඒ true සහ false කියන දත්ත දෙක. javascript වලදි false, 0, "", null, undefined සහ NaN කියන අගයන් හැරුණාම අනෙක් සියලු අගයන් සත්‍යයි කියලා සැලකෙනවා.

number කියන්නෙ සංඛ්‍යා වල data type එක. javascript වල හැම සංඛ්‍යාවක්ම දශම (තාත්වික) සංඛ්‍යාවක් විදිහටයි ගණන් ගැනෙන්නෙ. ඒ කියන්නෙ නිඛිල (integral) එහෙමත් නැත්නම් 1 2 3 4 කියලා ගණින සංඛ්‍යා නෑ. තියෙන්නෙ 1.0 1.1 1.192837465 2.0 3.0 3.5 4.0 වගේ සංඛ්‍යා.

string කියන්නෙ අකුරු වැලක් කියන එක. ඒ කියන්නෙ වචන වගේ දේවල්. code එකක strings දක්වද්දි හැමතිස්සෙම යුගල උඩු කොමා ( " ) හරි තනි උඩු කොමා ( ' ) හරි ඇතුලෙ තමා දක්වන්න ඕනෙ. උදාහරණ, "car", "van", 'My name is "0xEDD1E"', "Widane", '@!$!#$', "". අන්තිමට දක්වපු උදාහරණෙන් දැක්වෙන්නෙ empty string එකක්. උඩු කොමා වර්ග දෙකෙන් මොකක් පාවිච්චි කළත් එකම දේ වෙන්නෙ...

objects කියන්නෙ ටිකක් ලොකු මාතෘකාවක්, ඒ නිසා මම ඒ ගැන සම්පූර්ණ විස්තරයක් මෙතන කරන්න යන්නෙ නෑ. දැනට හිතාගන්න object එකක් කියන්නෙ හරියට, phonebook එකක් වගේ, phonebook එකක නමක් තියෙනවා ඒ නමට අදාල අංකය තියෙනවා

{
    "0xEDD1E": "0991234567",
    "Area Master": "0999876543",
}

Javascript object එකක කරන්නෙ ඔය වගේ data එකට එකතු කරලා තියාගන්න එක. : ට වම් පැත්තෙන් තියෙන්නෙ key එක, දකුණු පැත්තෙන් තියෙන්නෙ value එක. Key එක සහ value එක ඕනෙම data type එකක අගයක් වෙන්න පුළුවන්, හැම key-value යුගලක්ම කොමාවකින් ( , ) වෙන්වෙන්න ඕනෙ. ඒ වගේම object එක { කින් පටන් අරං } කින් ඉවර කරන්නෙ ඕනෙ.

symbol කියන්නෙ Javascript වලට අලුතින් හඳුන්වා දුන්නු data type එකක්. ඒ ගැන ඉස්සරහට ලියන්නම්.
Reply


Forum Jump:


Users browsing this thread: 1 Guest(s)