ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] cryptography Basics
#1
-----cryptography Basics ------
Welcome back mates,
Let's Go.
මුලින්ම මේ වචනය කියවන්න උත්සාහ කරන්න.
"tsjmbolb"
English? No
Tamil? no ,
oh dmn it. Then is it greek? Smile Smile
==================================
No mates , මේක එන්ක්‍රිප්ට් කරපු වචනයක්
. OMG . Angry
කොහොමද මේ වචනය එන්ක්‍රිප්ට් කරලා තියෙන්නේ . ඉංග්‍රීසි හෝඩියේ හැම අකුරම ඊට පස්සේ අකුරින් රී ප්ලේස් (ප්‍රතිස්ථාපනය) කිරීමෙන්.
a -----> b
l -----> m
ඉතින් මේ එන්ක්‍රිප්ට් කරපු වචනය ආයෙ ඩික්‍රිප්ට් කරන්නනම් එක් එක් අකුර එයට මුල් අකුරින් නැවත රීප්ලේස් කල යුතුයි. tsjmbolb -----> srilanka Big Grin
මෙ විදිහට තමා එන්ක්‍රිප්ට් /ඩික්‍රිප්ට් ක්‍රියාවලිය සිදුවන්නේ.
මේ වැඩේට යොදාගන්නේ ඇල්ගොරිතම් එකක්.
ඉතින් අද කාලේ කරන හැම එන්ක්‍රිප්ට් එකක්ම සිදුවන්නේ මේ විදිහට ඊළග අකුරින් රීප්ලේස් කරලද?
Not at all.
එහෙම කරනවනම් ඕනෙම කෙනෙකුට තත්පර ගනනකින් ඕනෙම දෙයක් ඩික්‍රිප්ට් කරගන්න පුලුවන්.
මුලින්ම මිනිස්සු කලේ පියවර කිහිපයක් ඉදිරියේ අකුරකින් රීප්ලේස් කිරීම.
උදා. a-----> (b නොමැතිව )-----> c
කාලයක් යද්දි මේකත් කල් ඉකුත් උනා . මොකද දැන් තියෙන කොම්පියුටර් වලින් මේ වගේ එකක් ඩික්‍රිප්ට් කරන්න යන්නේ තත්පර ගානක් විතරයි.
ඉතින් අද කාලේ use කරන ඇල්ගොරිතම් තමයි md5, sha1,sha2 වගේ ඒවා. ඉතින් කොහොමද මේවා හදලා තියෙන්නේ??
උදාහණයක් විදිහට තුනේ ඉලක්කම ගනිමු.
----->3
මේකේ වර්ගය ගනිමු.-----> 9
සාමාන්‍ය ලගුණකය ගනිමු -----> 0.954242
මේකේ ප්‍රකෘති ඝාතීය අගය ----->-0.0468819
මේකට 1ක් එකතු කරමු ----->0.953118
දැන් කාගෙන් හරි ඇහුවොත් මේ ආපු ඉලක්කම තුනට සම්බන්ද වෙන්නෙ කොහොමද කියලා ??????
තව අකුරු වලින් හැදුනු වචන වලට අවකලනය,අනුකලනය ,සංකීර්න සංක්‍යා වගේ ගනිත කර්ම මේකට යොදාගන්න පුලුවන්.
මේ විදිහට එන්ක්‍රිප්ට් කරපු ක්‍රමය හොයන්න නාසා එකේ සුපර් කොම්පියුටර් එකක්ට උනත් අවුරුදු 100 ක් විතර යනවා.
ඉතින් මේ md5 වගේ ඇල්ගොරිතම් එකකින් එන්ක්‍රිප්ට් කරපු password එකක්
ඩික්‍රිප්ට් කරන්න බෑ. (අවුරුදු 100 ක් යනවා කියන්නේ බෑ වගේ තමා ඉතින්.)
===================================
Windows , linux/unix, mac, facebook,gmail, වගේ password use කරන සෑම ඇප් එකක්ම දැන් යූස් කරන්නේ මේ වගේ ඇල්ගොරිතම තමා.
අපි ඉන්පුට් කරන පාස්වර්ඩ් එක ආයේ ගන්න බැරිනම් ඉතින් කොහොමද මේ ලොගින් ක්‍රියාවලිය සිදුවෙන්නේ.
Lets see
අපි මුලින්ම ඉන්පුට් කරන පාස්වර්ඩ් එක එන්ක්‍රිප්ට් කලාම එන කෝඩ් එක(අපි මේකට තමා කියන්නේ hash එකක් කියලා) වෙබ්සයිට් එකේ එහෙම නැත්නම් ඇප් එකේ ඩේටාබේස් එක් තුළ ස්ටෝර් වෙනවා.
ඊට පස්සේ අපි ලොග් වෙන්න පාස් එක ඉන්පුට් කලාම ඒ පාස් එක ආයෙම එන්ක්‍රිප්ට් කරලා හෑශ් එක අරගන්නවා. ඊට පස්සේ මේක මුල් ඔරිජිනල් හෑශ් එකත් එක්ක සංසංදනය කරලා මේ දෙක ගැලපෙනවනම් විතරක් ලොග් වෙන්න ඉඩ දෙනවා.
=================================
මේ ක්‍රමය නිසා කවුරු හරි ඩේටාබේස් එක ටේක් ඕවර් කලත් එයාට password එක බලාගන්න බෑ.
බෑ කිවුවට බෑමත් නෙවෙයි. මේ වැඩේ කරන්න johne the riper, findmyhash වගේ ටූල්ස් ගොඩක් තියෙනවා
ඉතින් එහෙනම් මේවා මේ වැඩේ කරන්නේ කොහොමද?
මේ හැම එකකම තියෙනවා කලින් ජෙනරේට් කරපු hashes පුලුවන් හැම පාස්වර්ඩ් එකකම. අපේ හෑශ් එකත් එක්ක ගලපලා බලලා තමයි හොයාගනේ.
=================================
ඉතින් එහෙමනම් password එකක් ආරක්ශා කරන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?
තියෙනවා . ඒ තමා salting. මේකෙදි වෙන්නේ අපි ඉන්පුට් කරන පාස් එක හෑශ් කරන්න කලින් ඒකට වෙන මොකක් හරි පොඩි ටෙක්ස්ට් කොටසක් එකතු කරලා තමයි එන්ක්‍රිප්ට් කරන්නේ. එතකොට අපි ලග ජෙනරේට් කරපු හෑශ් ලිස්ට් එකක්ම තිබුනත් වැඩක් නෑ .
Got it?
ක්‍රිප්ටොග්‍රැපි දැනට ඇති.අවශ්‍ය මාතෘකා තියෙනවනම් comment එකක් දාන්න.
Author :- Thilan Danushka Dissanayaka Blush
B.Sc Engineering Student
gov. university of Pera.
Admin At [Only registered and activated users can see links Click here to register]
#2
elah,TFS mcn
Reply
#3
කාලෙකින් හොඳ ටියුට් එකක් පටන් අරන් තියෙනවා. දිගටම ලියාගෙන යන්න පුළුවන් නම් ලොකු දෙයක්. මමත් පොඩි කරුණු කිහිපයක් එකතු කරන්නම්.

මුලින්ම ඉතිහාස කරුණකින් පටන් ගන්නම්. ph03n1x මුලින්ම හඳුන්වා දුන්නු ප්‍රතිස්ථාපන ඇල්ගොරිතම් එක මුලින්ම පාවිච්චි කරලා තියෙන්නෙ සීසර්ගෙ යුධ පණිවිඩ හුවමාරු කරගන්න. ඒ කාලෙ නම් කලේ හැම අකුරක්ම නියම කරගත්තු අකුරු ගාණකින් ඉස්සරහට (හෝ පස්සට) යවපු එක. උදාහරණෙකට අපි හිතුවොත් අකුරු 4ක් ඉස්සරහට යවන්න ඕනෙ කියලා, එතකොට අපි කරන්නෙ encrypt කරපු මැසේජ් එකේ හැම අකුරක්ම ඊට අකුරු 4ක් කලින් තියෙන අකුරින් replace (ප්‍රතිස්ථාපනය) කිරීම.
Code:
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z <- මුල් හෝඩිය
^ ^ ^ ^ ^ ^ ^ ^ ^ ^ ^ ^ ^ ^ ^ ^ ^ ^ ^ ^ ^ ^ ^ ^ ^ ^
| | | | | | | | | | | | | | | | | | | | | | | | | |
v v v v v v v v v v v v v v v v v v v v v v v v v v
W X Y Z A B C D E F G H I J K L M N O P Q R S T U V <- encrypt කරපු හෝඩිය

දැන් මේ හෝඩිය පාවිච්චි කරලා අපි SRILANKA කියන වචනේ encrypt කළොත් අපිට ලැබෙන්නෙ ONEHWJGW කියන වචනෙ.

මේ ක්‍රමය සීසර් ගෙ කාලෙ හොඳ encryption algorithm එකක් වෙන්න ඇති, මොකද ඒ කාලෙ හුඟ දෙනෙක්ට කියවන්න බෑ. ඒ වුණත් අද නම් මේක එච්චර ආරක්ෂිත ක්‍රමයක් නෙමෙයි. මේ විදිහට encrypt කරපු මැසේජ් එකක් decrypt කරන්න අපිට computer එකක් නැතුවත් පුළුවන්. මේක කඩන්න සංඛ්‍යාන ක්‍රම පාවිච්චි කරලා මේක කඩන්න පුළුවන්. එතනදි පාවිච්චි වෙන්නෙ භාෂාවක හෝඩියේ අකුරු භාවිතා වෙන වාර ගණන. එහෙමත් නැත්නම් letter distribution එක. මේ [Only registered and activated users can see links Click here to register]එකේ තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ අකුරු ව්‍යාප්තිය.

ඊලඟට කරන්න පොඩි නිවැරදි කිරීමක් තියෙනවා. MD5 එක කඩන්න පුළුවන්. MD5 කියන්නෙ hashing algorithm එකක් hashing algorithm එකකින් අපිට ලැබෙන්නෙ hash එකක්. hash එකක් decrypt කරන්න බෑ, මොකද hash එකක් කියන්නෙ encrypt කරපු message එකක් නොවෙන නිසා. hash එකක් කියන්නෙ යම්කිසි දත්තයක් (password එකක්, image file එකක්,...) අනන්‍ය ලෙස (uniquely) අඳුරගන්න පුළුවන් වෙන විදිහට, ඒ දත්තයේ යම් ගුණයක් පාදක කරගෙන ගණනය කරන සංඛ්‍යාවක්. මේ කියලා තියෙන්නෙ ඒක,

Quote:උදාහණයක් විදිහට තුනේ ඉලක්කම ගනිමු.
----->3
මේකේ වර්ගය ගනිමු.-----> 9
සාමාන්‍ය ලගුණකය ගනිමු -----> 0.954242
මේකේ ප්‍රකෘති ඝාතීය අගය ----->-0.0468819
මේකට 1ක් එකතු කරමු ----->0.953118

අපිට කියන්න පුළුවන් 0.953118 කියන්නෙ 3 hash එක කියලා (මෙතන තියෙන algorithm එකට අදාලව).

මම කිය කිය හිටියෙ MD5 කඩන්න පුළුවන් කියලනෙ.. MD5 කඩන්න පුළුවන් කියන්නෙ අපිට පුළුවන් යම් කිසි hash එකකට ගැලපෙන data එකක් නිර්මාණය කරන්න. hashing වල තියෙනවා collision කියලා දෙයක්, අපි hash එකක් generate කරන්නෙ ඩේටා එකක් අනන්‍යව (uniquely) හඳුනාගන්න වුණාට, ප්‍රායෝගිකව ඩේටා දෙකකට එකම hash එක තියෙන්න පුළුවන්. මේ වෙද්දි MD5 වල collisions හොයාගෙන තියෙනවා. ඒ නිසා අද MD5 පාවිච්චි වෙන්නෙ security එක ප්‍රශ්නයක් නොවෙන තැන්වලදි.

MyBB වල තාමත් [Only registered and activated users can see links Click here to register] වෙනවා. හැබැයි ඒ salt කරලා. ඒ නිසා ටිකක් secure. ඒ වුණත් කෙනෙක්ට ඕනෙ නම් පුළුවන් dictionary attack එකක් වගේ try කරලා salted MD5 එකක් crack කරන්න.

....
1
Reply
#4
තැන්ක්ස් මේට්.
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#5
(04-06-2019, 06:38 PM)0xEDD1E Wrote: කාලෙකින් හොඳ ටියුට් එකක් පටන් අරන් තියෙනවා. දිගටම ලියාගෙන යන්න පුළුවන් නම් ලොකු දෙයක්. මමත් පොඩි කරුණු කිහිපයක් එකතු කරන්නම්.

මුලින්ම ඉතිහාස කරුණකින් පටන් ගන්නම්. ph03n1x මුලින්ම හඳුන්වා දුන්නු ප්‍රතිස්ථාපන ඇල්ගොරිතම් එක
....

ela mcn. meka thama forum ekaka wenna one. ekek tut ekak dapuvama anik un thaman danna deval ekathu karana eka supiri. thanks . read previous tuts also. Smile Smile
B.Sc Engineering Student
gov. university of Pera.
Admin At [Only registered and activated users can see links Click here to register]
Reply
#6
TFS Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#7
ela bro..
දෙන්නටම තෑන්ක්ස්.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#8
patta machan godak dewal igena gatta
Reply
#9
(04-08-2019, 09:46 AM)CypRoot Wrote: patta machan godak dewal igena gatta

thanks

(04-07-2019, 04:38 PM)Induwara Uthsara Wrote: ela bro..
දෙන්නටම තෑන්ක්ස්.. Smile

keep reading & learning Exclamation Exclamation
B.Sc Engineering Student
gov. university of Pera.
Admin At [Only registered and activated users can see links Click here to register]
Reply
#10
Tts bro❤️
[Image: source.gif]
Reply




Users browsing this thread: 1 Guest(s)