ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] Relay Attack (Keyless Car Hacking)
#1
අදත් ගෙනාව වෙනස් විදිහේ දෙයක් ගැන. දැන් දැන් තාක්ෂණයේ දියුණුවත් එක්ක වාහන වලත් අලුත් අලුත් Features එනවානේ. අන්න එහෙම අලුතින් ආපු Feature එකක් නිසා වාහන හිමිකරුවන් ලොකු අමාරුවක වැටිලා ඉන්නවා. ඒතමයි යතුරු රහිත වාහන අගුලු හැරීම සහ පණගැන්වීමේ තාක්ෂණය. ඒ කියන්නේ Car Remote එකෙන් Lock/Unlock කරන එකයි වාහනය Start කරන එකයි. ඇත්තටම ඒ තාක්ෂණය ගොඩාක් අයට පහසුවක් තමයි ඒත් ඔයාලා නිකමටවත් හිතුවාද අන්න ඒ තාක්ෂණය නිසාම ඔයාගේ වාහනය අනතුරක තියෙන්නේ කියලා. ඉතින් අද කියලා දෙන්න යන්නේ පසුගිය දවසක West Midlands පොලීසිය වාර්ථා කරලා තිබුණු මෙන්න මේ Relay Attack ක්‍රමය භාවිතා කරලා වාහනයක් සොරකම් කරන ආකාරය ගැන CCTV දර්ශන වල තිබුණු ක්‍රියාකාරකම පිළිබඳව පැහැදිලි කිරිමක්. පැහැදිළි කිරීමට කලින් අපි ඒ CCTV දර්ශන බලලා ඉමු.


හරි එහෙනම් ඔයාලා CCTV දර්ශන බැලුවා නම් තේරෙන්න ඇති මේ හොරකම කරන්න ප්‍රධාන වශයෙන් පුද්ගලයන් දෙදෙනෙක් සහභාගී වෙලා තියෙනවා. ඒ දෙන්නාගේ අතේ අමුතු විදිහක උපකරන දෙකකුත් තියෙනවා දකින්න ඇති. ඇත්තටම මේ මොනවාද. මේ වා එක්තරා විදිහක Relay Communication Devices දෙකක්. අන්න ඒ උපකරන දෙකේ තමයි රහස තියෙන්නේ. ඔයාලා හොඳින් බැලුවානම් පළමු පුද්ගලයා වාහනය ලඟටම වෙලා ඉන්නවා. දෙවනි පුද්ගලයා යනවා ගෙදර ගාවට. වැඩේ ගැන දැන් ඔයාලාට ලාවට අදහසක් ඇති නේද. පියවර විදිහට ගත්තොත් මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.

  1. ඊස්සෙල්ලාම පුද්ගයන් දෙදෙනාගෙන් පළමු වැන්නා Car එක ගාව හිටගන්නවා දෙවන පුද්ගලයා ගෙදර වටේට ඇවිදිනවා.
  2. පළමු පුද්ගලයා තමන්ගේ Transmitting Device එකෙන් Remote Key එක කියලා හඟවලා Car Locking System එකට Ping කරනවා. ඒ Ping එකට Car Locking System එකෙන් පෙරළා එවමු Signal එක වැරදි නැවත එවන්න කියලා Reply එකක් එවනවා. අන්න ඒ Reply එක දෙවනි පුද්ගලයාගේ Transmitting Device එකට යවනවා.
  3. දෙවනි පුද්ගලයා තමන් Car Locking System එක කියලා හඟවමින් Remote Key එකට Signal එක යවනවා. Remote Key එක තියෙන තැන හොයන්න තමයි ගෙදර වටේට ඇවිදින්නේ. ඉතින් Remote Key එකට අර Signal එක හම්බුනාම ඒකට Reply විදිහට තවත් Reply Signal එකක් යවනවා. ඒ Reply Signal එක නැවතත් පළමු පුද්ගලයාගේ Transmitting Device එකට යවනවා.
  4. එතනින් පස්සේ පළමු පුද්ගලයා ඒ Signal එක පාවිච්චි කරලා Car Locking System එකට Car එක Unlock කරන්න කියලා Signal එකක් යවනවා. ඒ විදිහටම Car එක Start කරගන්න වැඩෙත් මෙයාලා කරගන්නවා.

[Image: vyWCf61l.jpg]

ඉතින් ඔයාලාට හිතෙනවා ඇති Keyless System එක අනතුරු දායකයි කියලා. ඇත්තටම ඔව් ඕනෑම Wireless උපාංගයක් අනතුරු දායකයි. ඉතින් මේ වැඩේ නවත්තගන්න මොනවාද කරන්න පුළුවන් කියලා ඔයාලාට හිතෙනවා ඇති. පොඩි දෙයයි කරන්න තියෙන්නේ Radio Transmission Block කරන්න පුළුවන් විදිහේ Pouch එකක ඔයාගේ Remote Key එක දාලා තියාගන්න. එතකොට හරි මොකද මම කලින් කිව්ව විදිහට ඔයාගේ Remote Key එකට සම්බන්ධ වෙන්නේ නැතුව එයාලාට මේ වැඩේ කරන්න අමාරුයි. ඉතින් Radio Transmission Block කරන්න පුළුවන් විදිහේ Pouch එකක් පාවිච්චි කරලා ලේසියෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්.

එහෙනම් අද ගෙනාපු ත්‍රෙඩ් එකත් මේ විදිහට අවසන් කරනවා. ඔයාලාත් මේ ගැන දන්න දේවල් තියෙනවා නම් අන්න ඒවත් Comment කරන්න.
හැමෝටම ජය ශ්‍රී !
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
#2
elh,TFS :-)
Reply
#3
තාක්ෂණය දියුනු වෙන්න දියුනු වෙන්න කෙලවෙන විදිහත් අළුත් වෙනවා.

TFS මචං. මම FB දාන්නම්

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#4
මේවගේම device එකක් ගැන nisal hewagamage ගේ youtube channel එකෙත් තිබුනා. ඒකෙදි kay එකෙන් එන signal එක capture කරගෙන signal එක device එකේ save කරගෙන ඕනෙ වෙලාවක retransmit කරන්න පුලුවන්.

මේ තියෙන්නෙ ඒ video එක

Reply
#5
(03-17-2019, 01:45 PM)Nick Killer(Nadun) Wrote: elh,TFS :-)

Elama Wink


(03-17-2019, 01:47 PM)Elite_x Wrote: තාක්ෂණය දියුනු වෙන්න දියුනු වෙන්න කෙලවෙන විදිහත් අළුත් වෙනවා.

TFS මචං. මම FB දාන්නම්

Ow bng "Smart Home" walatath oya dema wenawa onna balahanko Sad


(03-17-2019, 02:20 PM)iMadusanka Wrote: මේවගේම device එකක් ගැන nisal hewagamage ගේ youtube channel එකෙත් තිබුනා. ඒකෙදි kay එකෙන් එන signal එක capture කරගෙන signal එක device එකේ save කරගෙන ඕනෙ වෙලාවක retransmit කරන්න පුලුවන්.

TFS mcn Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#6
TFS මචං
Reply
#7
Tfs mchn
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#8
ela patta
Reply
#9
(03-17-2019, 04:50 PM)xe-non Wrote: TFS මචං

Elama Wink


(03-17-2019, 05:23 PM)Mmx Wrote: Tfs mchn

Elama Wink


(03-18-2019, 07:58 AM)CypRoot Wrote: ela patta

Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#10
Elamah TFS ♥♥♥
Reply




Users browsing this thread: 1 Guest(s)