ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
මම කොහොමද ෆියුරියස් 7 වල තිබුනු God's Eye සිස්ටම් එක හදන්නෙ?
#1
Exclamation 
2015 රැල්ලට ගිය කතාවක් ඔන්න ආයෙ ඇදල ගන්න හදන්නෙ.. කට්ටියට මතක ඇතිනෙ ෆියුරියස් 7 මූවි එක.. ඒකෙ තිබුන හැකින් සිස්ටම් එකක් ගොඩ්ස් අයි කියල එහෙම.. ඕනම කෙනෙක්ගෙ මූණ ස්කෑන් කරල රියල් ටයිම් ලොකේශන් චෙක් කරන්න පුලුවන්.. ඉතින් ඒ කාලෙ ගොඩ දෙනා ෆිල්ම් එක බැලුවට පස්සෙ කියන්න ගත්ත එහෙම සිස්ටම් එකක් තියෙන්න විදියක් නැ මේක කරන්න පුලුවන් කමක් නැ කියල. තව කස්ටියක් කිව්වලු මේක ඇමරිකා රුසියා රට
වල් දෙකේම දැනටමත් පාවිච්චි කරනව කියල.

ගොඩ්ස් අයි ඩිවලොප් කරන්නෙ හැකර් කෙනෙක් වෙන රැම්සි. ගොඩක් දෙනාට Nathalie Emmanuel මතක ගේම් ඔෆ් ත්‍රොන්ස් එකෙන්..

[Image: 6a4a49-23842b587de448839011548c854c14a1-mv2.jpg]

කොහොමහරි මේ ටූල් එක හදන්න විදියක් නැ කියල තමයි කම්පියුටර් කාපු ගොඩක් අයියල කියන්නෙනම්..
ඒත් අපි බලමු මම මේක හදනවනම් කොහොමද හදන්නෙ කියල..

# Nearly Unlimited Resources & Authority
මේක පටන් ගන්න නම් සෑහෙන ගාණක් ඕන මුලින්ම. ලොකු වැඩක් නෙ. අඩුම $50 බිලියන් වගේ ඇති වෙයි. ඊලගට ඕන නීත්‍යානුකූල බලය. SIS එකේ අවසරයවත් ඕන. නීත්‍යානුකූල බලය අත්‍යාවශ්‍ය නම් නැ ඒත් වැඩේ ගොඩක් ලේසි වෙනව ඒක තිබ්බම.

# Collect All the Data Traversing the Internet
පලවෙනි පියවර තමයි අන්තර්ජාලයේ සැරිසරන අපිට අදාල වෙන සියලුම දත්ත එකතු කිරීම. ඊලගට ඩේට බේස් එකක් ( sis එකෙ ඩේටබේස් කොහෙද තියෙන්නෙ? ) හදාගන්න ඕන අඩුම ගූගල්  ඩේට සෙන්ටර් තරම්වත් එහෙම නැත්නම් 15 exabytes තරම්වත් ලොකුවට. ම්ම් ඒ වැඩ ටිකට යයි $2 බිලියන් වගෙ.

[Image: 6a4a49-4d5ae47dbf81478fa96d6d8af016fc14-mv2.jpg]
A view of the NSA's top-secret Utah Data Center in Bluffdale, UT.
ඊලග පියවර ඩේටබේස් එකක් හදන්න ඕන හැමෝගෙම ෆේස් එකතු කරල. කොපි හදනව ඊට පස්සෙ හැමෝගෙම ෆේස්බුක් ප්‍රොෆයිල්, ඉන්ස්ටග්‍රෑම්, ටෙක්ස්ට් මැසෙජ් ඩේට එකතු කරල.
ෆේස්බුක් ඇක්ටිව් යූසර්ල 2.5 බිලියන් වගේ ඉන්න නිසා සහ එයාලගෙ යාලුවන්ගෙ ෆොටො නැදෑයන්ගෙ ෆොටොත් ප්‍රොෆයිල් වල තියන නිසා.. තව ඉන්ස්ටග්‍රෑම් ටෙක්ස්ට් මැසෙජ් එක්ක බැලුවම ඔක්කොම 4 බිලියන් වගේ අඩුම මූණවල් ටිකක් මගෙ ඩේටබේස් එකට ගන්න පුලුවන්. ඒ කියන්නෙ මුලු ලෝකෙන්ම තුනෙන් එකක් !

ඊලගට අලුත්ම තාක්ෂණය (දැනටමත් තියන) විදියට ඒ මූණවල් 3D outline map එකකට ගන්න ඕන.
[Image: 6a4a49-6a0bf7fd87984d15b3ca7c6ee6ec61d9-mv2.jpg]

ඒ විදියට ඩේටබේස් එකෙ තියන බිලයන හතරක මූණු සෙනිකව අදුරගන්න පුලුවන්.

# Embed a Backdoor in Android & iOS
හතරවෙනි පියවර විදියට කරන්න ඕන මොබයිල් ෆොන් වලට බැක්ඩෝර් එකක් දාන එක. මට ඕන ios android ඕඑස් දෙකටම unlimited access එක. (Windows phone දැන් නැති නිසාත් බ්ලැක්බෙරි යූසර්ල අඩු නිසාත් ඒව අතාරිනව). ඉතින් මේකට ඉස්සෙල්ලම කරන්න ඕන ඇපල් ගූගල් කම්පැනි දෙකෙන්ම "හොඳින්" අහල බලන එක. "National Security" වැඩක් නිසා බැ කියන්න බැ. එහෙමනම් ඊලඟ අප්ඩේට් එකෙන් ඔයාගෙ ෆෝන් එකටත් බැක්ඩෝර් එක ඉන්ස්ටෝල් වෙනව කිසිම අවුලක් නැතිව. ඊට පස්සෙ ඔයාගෙ ෆොටො, ටෙක්ස්ට් මැසෙජ්, ඊමේල්, gps location ඔක්කොම මගෙ අතේ..
ඒ ඔක්කොම මගෙ මෙගා ඩේටබේස් එකට යවනව ඊට පස්සෙ මට දැනගන්න පුලුවන් ඔයා උදේ හත වෙද්දි ගාලු පාරෙ ඉන්නෙ වැඩට යන ගමන් කියල..

බැරි වෙලාවත් ඇපල්, ගුගල් බැ කිව්වොත් ඊලගට කරන්න වෙන්නෙ බැක්ඩෝර් එකක් ඩිවලොපර් කිට් එකට දාන එක. ඊට පස්සෙ හදන හැම ඇප් එකක්ම මොබයිල් එකට දාපු ගමන් මට ෆුල් ඇක්සස් හම්බෙනව ඩිවයිස් එකට.

අන්තිමට ඒ විදියත් හරිගියෙ නැත්නම් මන් @Area master, @anonlk, @EliteX වගේ zero day exploit writer කෙනෙක්ට කතා කරල කියනව ඇන්ඩ්‍රොයිඩ්, ios වල vulnerable හොයල exploit කරල මට ඇක්සස් අරන් දෙන්න කියල. ම්ම් ඒකට වියදම් වෙයි 2-3 මිලියන් වගේ. අපෙ බජට් එකේ හැටියට ඒක දැනෙන්නෙවත් නැතිවෙයි.

# Build a Supercomputer to Process the Data
ඊලග පියවර විදියට කරන්නෙ එකතු කරගත්ත ඩේට ප්‍රොසෙස් කරල රියල් ටයිම් ට්‍රැක් කරන්න පුලුවන් සුපර් කම්පියුටර් එකක් හදන එක.. 20 petaflops වගේ. මොකද පාස්වර්ඩ්, එන්ක්‍රිප්ශන් ඇල්ගොරිතම් රියල් ටයිම් බෘට්ෆොස් කරන්නෝන නිසා.

[Image: 6a4a49-053e957130ce43769769d4f11acf43c8-mv2.jpg]
Inside Facebook's data center in Prineville, Oregon

මේ වගේ පවර් එකක් තියන නිසා මට පුලුවන් ලෝකෙ තියන ඕනම පාස්වර්ඩ් එකක් කැල්කියුලේට් කරල ඒව හෑශ් විදියට මගෙ ඩේටබේස් එකට සේව් කරන්න. මේක හදන්න වියදම් වෙයි ආසන්න වශයෙන් $2 බිලියන් වගෙ.

# Hack All the Webcams & Surveillance Cameras
ඊලගට පස්වෙනි පියවර විදියට මම කරන්නෙ ඔන්ලයින් කනෙක්ට් වෙලා තියන හැම කැමරා එකක්ම හැක් කරන එක. ඒකට shodan යුස් කරන්න පුලුවන්.

[Image: 6a4a49-cf888330d4614e09ac0d77981264eaf1-mv2.jpg]

ගොඩක් කැමරා වලට සිකියුරිටි එකක් ඇත්තෙම නැ. තියන ඉතුරුවත් බෘට්ෆොස් කරල හැක් කරන්න පුලුවන් හරිම සරලව. මේ ලයිව් ෆීඩුත් කෙලින්ම යන්නෙ මගෙ ඩේටබේස් එකට.

# Set Up Surveillance Cameras Everywhere
ෆිල්ම් එකේ තියෙන්නෙ මොබයිල් කැමරා ට්‍රැෆික් කැමරා විතරක් උනාට මම මේක හදන නිසා තව ටිකක් ඇඩ්වාන්ස් කරල මගෙම ඔත්තු බලන කැමරා දාන්න පුලුවන්.
[Image: 6a4a49-816a255847dd48a0acb0de0e9eb5fe81-mv2.jpg]
The JLENS, or "radar blimp," made by Raytheon.

මේව සැටලයිට් වල තියන ටෙලස්කෝප් කැමරා වගේ පවර්ෆුල්. ඒත් සැටලයිට් වගේ හෙන අභ්‍යාවකාශෙ ඉදන් නැතුව ටිකක් අහස උඩට වෙන්න යවන එයාර්බස් එකක් විදියට. එතකොට පුලුවන් කෙල්ලෙක් ගාල තියන ලිප්ස්ටික් එකෙ පාට උනත් බලන්න ඕන තැනක ඉදන්. කව්රුත් දැනගන්න එකක් නැ මොකද මේව පේන්නෙ ගුවන්ගත කරත්දිත් ගොඩබානකොටත් විතරක් නිසා.

[Image: 6a4a49-b43d9fd2f37e4a6b89eea1965429cb94-mv2.jpg]
A military blimp designed to cover the mid-Atlantic region through radar; taking off in Pennsylvania.

මේ එයාර්බස් වගෙ අහසෙ පාවෙන කැමරා රට වටේම දානවනම් ඒකට වියදම් වෙයි $10 බිලියන් වගෙ..

දැන් ඩේටසෙන්‍ටර් එකක්, සුපර් කම්පියුටර්, 4 බිලියන් ෆේශල් ප්‍රොෆයිල්, ෆේශල් රෙකනගයිස් සොෆ්ට්වෙයා, ලෝකෙ තියන (ගොඩක් දුරට) ඔක්කොම වගේ මොබයිල් ෆෝන්,  ලෝකෙ තියන ඉන්ටර්නෙට් කනෙක්ට් ඕනම කැමරා එකකට ඇක්සස් සහ වැඩි සෝදිසියට මගෙම ඔත්තු බලන කැමරා අහස පුරාම, ඉතින් මගෙ ගොඩ්ස් අයි එක කම්ප්ලීට් දැන් සහ සල්ලිත් තව ඉතුරුයි.

ඒත් දෙවෙනි පාර හිතල බලද්දි හිතෙනව මම මේක ඇත්තටම හදන්න ඕන නැ කියල. මොකද දැනටමත් කව්රුහරි කරල



`OTW©



Damn.. There's a little bit of devil in her angel eye[Image: 5897aa00cba9841eabab615a.png] [Image: 5897aa00cba9841eabab615a.png]



#2
elama bm
Reply
#3
Ftta mcho ★★★
Reply
#4
අංතිම වෙනකම්ම කියෙව්වා Big Grin
සුපිරියට ලියලා තියෙනවා

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#5
Ai aiyooo.. Anthima Tami Fatta.. Ela Ela...
Reply
#6
Ft...
                                   T HIN K ABOUT HINK  '
Reply
#7
Ammoh fttah  love
Reply
#8
Ela ela Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#9
සුපිරියටම ලියලා ❤️❤️
Reply
#10
ela ela
No any One Safe - Security is a Joke
Reply


Forum Jump:


Users browsing this thread: 1 Guest(s)