ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] Forex ඉගෙන ගනිමු - 004
#1
Forex ඉගෙන ගනිමු - 004

[Image: k2LzGUu.jpg]

මේ 8 අතරිනුත් මුලින් තියෙන 5 තමයි ප්‍රධානම ඒවා. කොහොම වුනත් මේ 8ටම Major Currencies කියලා තමයි කියන්නෙ. ඔයාලට මතක ඇති මම කිව්වා Forex වලදි US$ වලට කියන්නෙ USD කියලා. මේ අකුරු 3නේ වචනය හැදිලා තියෙන්නෙ මුල් අකුරු 2න් රටේ නම කෙටියෙන් හා අන්තිම අකුරින් මුදල් වර්ගයේ හැඳින්වෙන විදිහට. ඒ ආකරයට හැම Currency එකක්ම හඳුන්වන්න නම් තියෙනවා. ඒ වගේම ඉස්සර පරණ Forex traders එක් එක් Currency එක හඳුන්වන්න දීපු ලස්සන නම් ටිකකුත් තියෙනවා. කොහොම වුනත් අපි ඒ ඔක්කොම නම් දැන්න ඉන්න එක වටිනවා. Huh

කලින් දවසෙ නැවැත්තුවෙ මෙතනින්. අද එතන ඉදන් පාඩම දාන්නම්. Idea

Forex හා Currencies - 2



ඔයාලට මතක ඇති මම කලින් post එකේදි Major Currencies ගැන කතා කරා. අපි දැන් බලමු Forex Market එකේදි ඒවා හඳුන්වන විධිහ. Exclamation



රටේ නම                               මුදල් වර්ගය Forex            සංකේතය කෙටි නම

United States of America        Dollar USD                    Buck

Great Britain                         Pound GBP                    Cable

European Union Euro             EUR                              Fiber

Japan Yen                            JPY                               Yen

Switzerland Franc                 CHF                               Swissy

Canada Dollar                      CAD                               Loonie

Australia Dollar                     AUD                              Aussie

New Zealand Dollar               NZD                               iwi



ඉහත දැක්වෙන Table එකේ ඉතාමත් වැදගත් දේ තමයි "Forex සංකේතය" කියන එක. ඒ ඒ සංකේත වලින් දැක්වෙන්නේ මොන මුදල් වර්ගයද කියලා අපි කටපාඩමින් දැනගෙන ඉන්න ඕනෙ. උදාහරණයක් විදිහට කවුරු හරි ඇහුවොත් CHF කියන්නේ මොකක්ද කියලා, ඔයාලට පුළුවන් වෙන්න ඕනෙ ටක් ගාලා ඒ Swiss Franc (හෝ Switzerland Franc) කියලා කියන්න. ඒ වගේම කෙටි නම් ගැන දැනගෙන ඉන්න එකත් වැදගත්. මොකද අපි ඉදිරියේදි ඉගෙන ගන්නවා Forex News බලන්න. එතකොට සමහර Forex News දෙන ආයතන එක් එක් Currency ඒවායේ කෙටි නමින් භාවිතා කරන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට යම් ආයතනයක් කියන්න පුළුවන් "Cable එකේ අගය ඉහල යමින් පවතිනවා" කියලා. එතකොට ඔයාලා දැනගන්න ඕනේ ඒ ආයතනය කතා කරන්නේ GBP එහෙමත් නැත්නම් Great British Pound ගැන කියලා. Dodgy



දැන් සමහර විට ඔයාලා ගොඩ දෙනෙක් ඉවසිල්ලක් නැතුව ඇති මේක හරියටම Trade කරන්නේ කොහොමද කියලා දැන්ගන්න. පොඩ්ඩක් ඉවසන්න. අපි මේ කතා කරන තොරතුරු හරියට දන්නේ නැතුව Forex Market එකට ගියොත් ඉතින් ඔක්කොම අවුල් වෙනවා. Sleepy



අපි කලින් post එකකදි ඉගෙන ගත්තා හැම වෙලේම Forex trade එකකට මුදල් වර්ග 2ක් අවශ්ය වෙනවා කියලා. එහෙනම් අපි බලමු Major Currencies වලින් හැදෙන pairs මොනාද කියලා. මෙතනදි මම "pair" එකක් කියලා කියන්නේ අපි කලින් post එකකදි ඉගෙන ගත්ත "USD/LKR" වගේ ඒවාට. එහෙනම් අපි බලමු Forex Market එකේ තියෙන pairs. Angel



Major Currency Pairs



  Pair                 අදාල රටවල්                                      කෙටි නම

EUR/USD           European Union/United States           Euro Dollar

USD/JPY            United States/Japan                         Dollar Yen

GBP/USD           Great Britain/United States                Pound Dollar

USD/CHF           United States/Switzerland                 Dollar Swissy හෝ Dollar Franc

USD/CAD           United States/Canada                       Dollar Loonie

AUD/USD          United States/Australia                      Aussie Dollar

NZD/USD          New Zealand/United States                Kiwi Dollar


ඉහත දැක්වෙන pairs වලට කියන්නේ "Major Currency Pairs" මේකට හේතුව තමයි, මේ හැම pair එකකම ඉස්සරහින් හෝ පස්සෙන් USD තියෙන එක. USD තමයි Forex Market එකේ වැඩියෙන්ම ගනුදෙනු වන මුදල් වර්ගය. පහලින් දැක්වෙන්නේ Forex Market එකේ trade වෙන මුදල් වර්ග ඒවා trade වෙන ප්රමාණ ප්රතිශත අනුව හදපු Chart එකක්. ඒකෙන් ඔයාලට පෙනෙයි USD වලට කොච්චර demand එකක් තියෙනවද කියලා. Sad Sad

[Image: qvmjlZR.png]

අදට ඇති ‌වෙයි. පාඩම් කරගත්තට පාඩු නැති ටිකක් ‌මේ. ‌‌එහෙනම් අනිත් එකෙන් හම්බ වෙමු. ටික දවසක් පෝස්ට් දාන්න බැරි උනානෙ. ආයෙ පටන් ගන්නවා දිනපතා මේක කියලා දෙන්න. Big Grin Big Grin

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
#2
එක්සලන්තේ
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#3
ela bro.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#4
5 කොටසත් ඉක්මනට දාන්න..බලන් ඉන්නවා
Reply
#5
elh bro
[Image: source.gif]
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
Star [Tut] Forex ඉගෙන ගනිමු - 001 Elite_x 10 2,653 05-24-2019, 07:21 PM
Last Post: L4zyB0y
  Forex ඉගෙන ගනිමු - 005 Elite_x 4 1,202 05-23-2019, 12:17 PM
Last Post: Kavindu99
Star [Tut] Forex ඉගෙන ගනිමු - 003 Elite_x 2 1,234 05-22-2019, 01:47 PM
Last Post: OWL99
  [Tut] Forex ඉගෙන ගනිමු - 002 Elite_x 3 1,444 05-22-2019, 01:40 PM
Last Post: OWL99
  [EduMate] Forex වලින් මගේ ආදායම Elite_x 8 2,681 02-24-2019, 06:02 AM
Last Post: Lushion Hydra
  [Question] Forex lesson Elite_x 4 1,500 11-22-2018, 02:11 PM
Last Post: Induwara Uthsara



Users browsing this thread: 1 Guest(s)