12-30-2018, 10:47 AM
(This post was last modified: 12-30-2018, 10:48 AM by Induwara Uthsara. Edited 1 time in total.)
Blogger Tut 9
Add Banner / Poster to Your Blog / Web
අපි අද බලමු ඔයාගේ බ්ලොග් එකට බැනර් එකක් හරි පෝස්ටර් එකක් හරි දාගන්නේ කොහොමද කියලා..
HTML දන්න අයටනම් මේක ලොකු අමාරු වැඩක් නෙමේ. HTML වල තියෙන <img> කියන ටැග් එක පාවිච්චි කරන්නයි තියෙන්නේ.
අපි බලමු දැන් ඒක කරන්නේ කොහොමද කියලා..
අපි බලමු දැන් ඔයාගේ බ්ලොග් එකට හරියන විදියට ඔය කෝඩ් එක ලියාගන්නේ කොහොමද කියලා..
Quote:<a href="01"; target="_blank"><img src="02" width="03" align="04"/></a>
ඕකේ 01, 02, 03, 04 කියන තැන් ටික වෙනස් කරන්නයි තියෙන්නේ.
01 - 1 කියන තැනට දාන්න තියෙන්නේ ඒ බැනර් එක ක්ලික් කලාම යන්න ඕනේ ලින්ක් එක වගේ එකක්. ඔයාලට පුලුවන් කෝඩ් එක ලියලා ඔයාගේ යාලුවෙක්ට කියලා එයාගේ සයිට් එකේ දාගන්න. එහෙම දානකොට දාන්නේ ඔයාගේ සයිට් එකේ ලිංක් එක. එතකොට කවුරුහරි කෙනෙක් ඔයාගේ යාලුවගේ සයිට් එකට ගිහින් බැනර් එක ක්ලික් කලොත් එයාව කෙලින්ම යන්නේ ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකට.
ඒ වගේම ඔයාගේ සයිට් එකේ මොකක් හරි විශේෂ වැඩක් / විශේෂ පේජ් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ ඔයාට තියෙන්නේ Blog syndicater එකක්නම් ඒ සින්ඩිකේටර් එකට බ්ලොග් එකක් ඇඩ් කරන පේජ් එක වගේ විශේෂ පිටුවක් තියෙනවනම් ඒ පිටුව අදාල විදියට බැනර් එකක් හදලා ඔයාලගේ බ්ලොග් එකේ දාලා ඒ පේජ් එකේ ලින්ක් එක 01 කියලා තැනට දාන්න පුලුවන්. එතකොට බැනර් එක ක්ලික් කලාම යන්නේ ඒ පිටුවට..
02 - ඔතන 02 කියන තැනට දාන්නේ ඔයාලා හදාගත්ත බැනර් එකේ (ඉමේජ් එකේ) ලින්ක් එක. photoshop වගේ සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරලා ඒ බැනර් එක හදාගෙන වගේ සයිට් එකකට upload කරගන්න පුලුවන්. නැත්නම් online free banner හදලා දෙන ඕනේ තරම් සයිට් තියෙනවා..
03 - 03 කියන තැනට දාන්න ඒ බැනර් එකේ දිග. දිග වැඩිවෙන තරමටම උසත් වැඩිවෙනවා. ඔයාල width වෙනුවට height කියලා දාලා බැනර් එකේ උස ප්‍රමාණය විතරක් වෙනස් කරන්න පුළුවන්. අවශ්‍ය තාවයක් තියෙනවනම් ඒ දෙකම දාන්නත් පුලුවන්.
04 - 04 කියන තැනට දාන්නේ ඒ බැනර් එක පිහිටන්න ඕනේ තැන. මැදද, වම් පැත්තට වෙන්නද වගේ දේවල් තීරය කරන්න පුලුවන්.
මේ දීලා තියෙන ඒවගෙන් ඔයාට අවශ්‍ය එක එතනට දාන්න පුලුවන්.
left - වමට
right - දකුණට
middle - මැදට
top - උඩට
bottom - යටටම
right - දකුණට
middle - මැදට
top - උඩට
bottom - යටටම
ඕකේ target="_blank" කියන එක නිසා තමයි අදාල ලින්ක් එක බැනර් එක තියෙන ටැබ් එකේ නැතුව වෙන ටැබ් එකක ඕපන් වෙන්නේ.
ඒක අයින් කලොත් ඒ බැනර් එක තියෙන සයිට් එකේම බැනර් එකේ දාලා තියෙන ලින්ක් එක ඕපන් වෙනවා. ඒකත් වෙනස් කරලා ට්‍රයි කරලා බලන්න මොකද්ද වෙන්නේ කියලා..
දැන් එහෙනම් ඔයාලගේ සයිට් එකට හරියන විදියට කෝඩ් එක ලියලා බ්ලොග් එකේ layout එකේ html වලින් දාන්න. බ්ලොග් එකට html කෝඩ් එකක් දාන විදිය මම කලින් කියලා දීලා තියෙනවා..

මේ තියෙන්නේ මගේ බ්ලොග් එකට හදපු බැනර් එකේ කෝඩ් එක
Code:
<center><a href="http://ginidal.blogspot.com"; target="_blank"><img src="https://4.bp.blogspot.com/-ZGCDlQRjgrI/Vzv-aPk0nfI/AAAAAAAAAI4/q4569AR56d8XENeaY7OxDXTSmaSM8hiHgCLcB/s1600"; width="500" align="midle"/></a></center>
html දන්න කෙනෙක් මේ ත්‍රේඩ් එක කියෙව්වනම් තේරෙයි මේකේ තනිකර තියෙන්නේ <img> ටැග් එකට අදාල දේවල් කියලා..

එහෙහනම් අදට ටියුට් එක ඉවරයි.
ඔයාලට සයිට් නැතත් html කෝඩ් එකක් ලියලා ට්‍රයි කරලා බලන්න...
මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් කමේන්ට් එකක් දාන්න.
එහෙනම් මම ගියා..
ලිව්වේ -
ඉදුවර උත්සර![[Image: cool.png]](https://www.widane.com/images/smilies/cool.png)
ඉදුවර උත්සර
![[Image: cool.png]](https://www.widane.com/images/smilies/cool.png)
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.




</>