ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] What is Hack The Box
#1
Question 
[Image: HWzDbqSl.png]

විදානේ ෆෝරමයට හැමෝවම සාදරයෙන් පිළිගන්නවා. මගේ පලවෙනි thread එක තමයි අරගෙන ආවේ. අපි අද Hack The Box එක ඒ කියන්නේ  HTB එක ගැන කතා කරමු.

මොකක්ද මේ Hack The Box

Hack The Box කියන්නේ අපගේ penetration testing/hacking skills පරික්ෂා කර බැලීමට ඉඩ සලසා දෙන online platform එකක්. ඒවගේ ම Hack The Box මගින් අපි ට අපේ penetration testing/hacking skills දැනුම වැඩි දියුණු කර ගන්න පුළුවන්. එමෙන් ම මෙමගින් අපි ට අපේ අදහස් හා ක්‍රමවේදයන් අනිත් සාමාජිකයන් එක්ක බෙදා ගන්නත් පුළුවන්.

Hack The Box විවිධාකාරයේ challenges කිහිපයකින් සමන්විත වෙන අතර මෙම challenges කාලයෙන් කාලයට update වෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නෙ real world scenarios මෙන් ම CTF ඒ කියන්නේ Capture the Flag style එකේ  challenges වලින් ද සමන්විත වීමයි.

“Hack The Box is an online platform allowing you to test your penetration testing skills and exchange ideas and methodologies with other members of similar interests. It contains several challenges that are constantly updated. Some of them simulating real world scenarios and some of them leaning more towards a CTF style of challenge.

As an individual, you can complete a simple challenge to prove your skills and then create an account, allowing you to connect to our private network (HTB Labs) where several machines await for you to hack them. By hacking machines you get points that help you advance in the Hall of Fame.”


Hack the Box Labs

[Image: omljS9Sl.png]

Hack the Boxහි ප්‍රධාන labs 2ක් තියනවා. එනම් Machines Lab එක සහ Challenges Lab එක. මීට අමතරව මෙහි End Game, Fortress, Pro Lab කියලත් Labs කිහිපයක් තියෙනවා. මේවායින් වඩාත් ජනප්‍රිය වන්නේ Machines Lab එක සහ Challenges Lab එක.


Machines Lab

[Image: QlpHbEkl.png]

මෙහි Active Machines 20ක් තියනවා. කාලයෙන් කාලයට මේ machines retire වෙනවා (ඔව් ඔව් විශ්‍රාම ගන්නවා). මේ retire වන සෑම machine එකකට ම අලුතින් machine එකක් add කරනවා.(list එකේ උඩින් ම තියන machine එක තමා මුලින් ම retire වෙන්නේ, list එකේ යට ට තමා අලුත් ඒවා add වෙන්නේ).

මේකේ කරන්න තියෙන්නෙ මේ machine වලට රිංගලා user flag එක හා root flag එක හොයා ගන්න. ඊට පස්සේ HTB site එකේ අදාළ machine එකට ගිහිල්ලා user flag එක own user කියන තැනටත් root flag එක own root කියන තැනටත් දාලා submit කරන්න. එතකොට අපි ට machine එකට අදාළ ලකුණු ප්‍රමාණයක් හිමි වෙනවා.

මේ machines වල IP address එක අපි ට ලබා දෙනවා. ඊට පස්සේ මේ IP එක භාවිතා කරලා machine එකේ vulnerabilities හොයා ගෙන exploit කරන්නයි තියෙන්නේ. මෙම machines වලට මුලින් ම රිංගන්න තියෙන්නේ සාමාන්‍යයෙන් normal user account එකකින්. Linux machine එකක් නම් මේ userගේ Home directory එකේ user.txt කියලා text file එකක තමයි user flag එක තියෙන්නේ. Windows machine එකක් නම් අදාළ userගේ Desktop එකේ user.txt එකේ තමයි user flag එක තියෙන්නේ.

User flag එක හොයා ගත්තාට පස්සේ Privilege escalation කරලා root flag එකත් හොයා ගන්නයි තියෙන්නේ. Root flag එක තියෙන්නේ Linux වල නම් “root” userගේ home directory එකේ root.txt කියලා text file එකක. Windows machine එකක් නම් root.txt එක තියෙන්නේ “Administrator” account එකේ desktop එකේ.
(සමහර machines වල flags තියෙන තැන් වෙනස් වෙන්න පුළුවන්.)


Challenges Lab

[Image: zi9kXwYl.png]

මෙහි challenges වර්ග කිහිපයක් තියෙනවා.

• Crypto
• Stego
• Pwn
• Web
• Misc
• Forensics
• Mobile

මේවලත් කරන්න තියෙන්නේ මේවා විසඳලා flag එක හොයා ගෙන submit කරන්න.


HTB Ranks

HTB එකේ ranks 7ක් තියෙනවා.

• Noob
• Script Kiddie
• Hacker
• Pro Hacker
• Elite Hacker
• Guru
• Omniscient

Active Machines හා Challenges නිම කල විට ලැබෙන ලකුණු වලින් තමයි මේවා up වෙන්නේ. අපේ rank එක අපේ profile එකට ගියා ම බලා ගන්න පුළුවන්.‍

[Image: JJy6HmXl.png]

මේ rank වලත් percentage ගාණක් තියෙනවා තමන් ඉන්න rank එක 100% complete වුනා ම තමයි ඊලග rank එකට යන්නේ.
මතක තියා ගත යුතු වැදගත් දේ තමයි, අපි complete කරලා තියන machine එකක් retire වුනා ම මේ percentage ගාණ අඩු වෙනවා. හැබැයි 0% ට අඩු උනා කියලා අපේ rank down වෙන්නේ නෑ. Percentage අඩු කර ගන්නේ නැතිව ඉක්මනට rank up වෙන්න නම් එක දිගටම challenges complete කරන්නයි තියෙන්නේ.

[Image: zLvBWvUl.png]

තව දෙයක් තමයි Hall of Fame එකේ Membersලගේ ranks එහෙමත් බලන්න පුළුවන්. අපේ profile එකට ගියා ම Hall of Fame එකේ අපේ rank එකත් බලා ගන්න පුළුවන්.

[Image: PdSzCV6l.png]


අපි කොහොමද මේකට එකතු වෙන්නේ?

[Image: EVJ3iWrl.png]

[To see links please login or register here]

මේකට ගිහිල්ලා join click කරලා අපිට නොමිලයේ ම HTB account එකක් හදා ගන්න පුළුවන්. හැබැයි මේකට එක පාරට ම ගිහිල්ලා register වෙන්න බෑ. Join button එක click කලා ම අපෙන් invite code එකක් ඉල්ලනවා. මේකේ තියෙන්නේ self-invite process එකක්. ඒ කියන්නේ අපිට hack කරලා තමා invite code එක හොයා ගන්න තියෙන්නේ. (කෝමද ඒක). මං මේක කරන හැටි තව thread එකකින් දාන්නම්. හැබැයි ඉතින් මේක තනියම කරනවා නම් තමයි හොද. මොකද මේක කරගන්න බෑ කියන්නෙ අතුලෙ එවා ගැන කතා කරන්න දෙයක් නෑනේ.


[Image: skl0KjLl.png]

අහ් තව දෙයක් කියන්න බැරි උනා. HTB එකේ මොකක් හරි challenge එකක් කර ගන්න බැරි ව හිර වෙලා ඉන්නවා නම් ඔයාලාට HTB forum එකෙන් අනෙක් සාමාජිකයන්ගෙන් අහලා hint එකක් ගන්න පුළුවන්.

[To see links please login or register here]


ඔන්න ඉතින් අදට ඉවරයි. කාලෙකට පස්සේ post එකක් දාන හින්දා වැරදි අඩුපාඩු ඇති.

ඔයගොල්ලන්ටත් මේ පිලිබදව තව දේවල් එකතු කරන්න තියේ නම්, ප්‍රශ්න තියේ නම් පහලින් comment එකක් දාන්න. එහෙනම් මං කැපුනා

Edit: ඔන්න invite code එක ගන්න හැටිත් දැම්මා: https://www.widane.com/thread-135.html

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
#2
එල..
ලගදි ඕක ගැන දැනගත්තේ. පට්ට ගේමක් දීලා රෙජිස්ට උනේ. (විශේෂ ස්තූතිය @Area Master ) Rolleyes
පෝස්ට් එකට තෑන්ක්ස්.. ෆෝරම් එක සුපිරියට කරගෙන යමු...  Heart
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#3
Elama

invite code eka mehemath ganna puluwn neda

[To see links please login or register here]

Reply
#4
(09-13-2018, 09:21 AM)Redress Wrote: Elama

invite code eka mehemath ganna puluwn neda

[To see links please login or register here]


ohoma thama ganne Tongue

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#5
Elama
Reply
#6
ela <3
Reply
#7
ඩිකෝඩින් තමා  Big Grin
එල ලිවිල්ල    Tongue
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#8
supiri
Reply
#9
invite code eka ganna widiya oniii
Reply
#10
(10-25-2018, 05:16 PM)Sl Hacker Wrote: invite code eka ganna widiya oniii

ela bn ikmanatama dennm

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Tut] Hack The Box: How to get invite code Anøn LK 11 3,554 09-07-2019, 02:58 PM
Last Post: X_99
  Mega hack pack Hack123 20 2,705 04-26-2019, 03:27 AM
Last Post: DarkSnipEr
  Mega hack pack 2 Hack123 6 949 04-22-2019, 08:27 AM
Last Post: Lushion Hydra
Star [Tut] Pen එකෙන් Hack කරමු Elite_x 14 3,223 02-08-2019, 03:54 PM
Last Post: Elite_x



Users browsing this thread: 1 Guest(s)