ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] Forex ඉගෙන ගනිමු - 003
#1
Star 
Forex ඉගෙන ගනිමු - 003

[Image: k2LzGUu.jpg]

තව වචන ලොට් එකක්ම තියනවා. {Lots, Pips, Mini-Lots, Micro-Lots, Margins මේවාගෙන් කීපයක්.} ඒවා ගැන අනිත් දවසෙ බලමු. මේ කොටසට අදාල ප්‍රශ්න විස්තර මේකෙදිම අහන්න. පුළුවන් විදිහට උත්තර දෙන්නම් ඒවටත්. එහෙනම් මම යනවා. අදත් පොඩි ගානක් හරි හොයාගන්න එපැයි.

කලින් දවසෙ නැවැත්තුවෙ මෙතනින්. අද එතන ඉදන් පාඩම දාන්නම්.

Forex හා Currencies 01

කලින් Tute එකේ මතක ඇතිනෙ අපි කතා කරපු දේවල්. ඒකෙදි අපි කිව්වෙ US Dollar අරං තියාගෙන ඒවායේ Rate එක වැඩි උනාම විකුණලා ලාභ උපයන ආකාරය ගැන. ඒකෙදි ප්‍රධාන මුදල් වර්ග දෙකක් ගැන කතා උනා. ඒ තමයි US$ සහ Sri Lankan Rupees.

මෙතන ඉඳන් මම අදාල මුදල් වර්ගය ඒකේ කෙටි නමින් හඳුන්වන්නම්. ඔයාලා මෙතනදි තේරුම් ගන්න ඕනෑ ප්‍රධාන දේ තමයි, Forex trade එකකදි හැම වෙලේම මුදල් වර්ග 2ක් උපයෝගී වෙනවා කියලා. ඒ වගේම Forex වලදි rate එක පෙන්වන්නෙ පහත දැක්වෙන විධිහට.

USD/LKR = 110.53

මේකෙන් අදහස් වෙන්නේ මුලින් තියෙන මුදල් වර්ගයෙන් 1ක් ගන්න දෙවනියට තියෙන මුදල් වර්ගයෙන් කීයක් ඕනෙද කියන එක. ඒ කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ,

USD 1ක් ගන්න LKR 110.53ක් ඕනෙ කියන එක.

අපිට අදාල මුදල් වර්ග 2කේ rate එක දන්නවා නම්, ඒ මුදල් වර්ග 2 අතර ඕනෑම ගණනක් අපිට හදාගන්න පුළුවන්. අපි දැන් උදාහරණ කීපයක් බලමු.

උදාහරණ:
   USD/LKR    = 109.15 නම් LKR 250,000 සඳහා ලැබෙන USD ගණන කීයද?
   USD ගණන  = 250,000 / 109.15
                    = 2290.42
   උත්තරය USD 2290.42


   USD/LKR   = 110.73 නම් USD 1340ක් සඳහා ලැබෙන LKR ගණන කීයද?
   LKR ගණන =1340 X 110.73
                   = 148,378.20
   උත්තරය LKR 148,378.20

අපි ඉගෙන ගත්ත ඒ කොටස ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. එහෙනම් අපි ඊලඟ කොටසට යමු.  Smile

අපි අපේ උදාහරණයට USD හා LKR ගත්තත්, කියන්න කණගා‍ටුයි අපිට Forex Market එකේදි LKR හම්බ වෙන්නෙ නෑ (සමහර විට ලොකු ඉල්ලුමක් තිබ්බොත් අනාගතයේදි අපට LKR වලිනුත් trade කරන්න පුළුවන් වේවි.). ඒකට හේතුව තමයි ලංකාව ලෝකයේ ශක්තිමත් ආර්ථිකයක් තිබෙන රටක් නොවීම.. දැන් ඔයාලා බලනවා ඇති LKR නැත්නම් මොන මුදල් වලින්ද Forex Market එකේ trade කරන්නේ කියලා.

Forex ලෝකයේ ඉන්න බලවතුන් තමයි.  Exclamation
   (1.) United State Dollar
   (2.) Euro (used by European Union member countries)
   (3.) Great Britain Pound
   (4.) Japanese Yen
   (5.) Switzerland Franc
   (6.) Canadian Dollar
   (7.) Australian Dollar
   (8.) New Zealand Dollar

මේ 8 අතරිනුත් මුලින් තියෙන 5 තමයි ප්‍රධානම ඒවා. කොහොම වුනත් මේ 8ටම Major Currencies කියලා තමයි කියන්නෙ. ඔයාලට මතක ඇති මම කිව්වා Forex වලදි US$ වලට කියන්නෙ USD කියලා. මේ අකුරු 3නේ වචනය හැදිලා තියෙන්නෙ මුල් අකුරු 2න් රටේ නම කෙටියෙන් හා අන්තිම අකුරින් මුදල් වර්ගයේ හැඳින්වෙන විදිහට. ඒ ආකරයට හැම Currency එකක්ම හඳුන්වන්න නම් තියෙනවා. ඒ වගේම ඉස්සර පරණ Forex traders එක් එක් Currency එක හඳුන්වන්න දීපු ලස්සන නම් ටිකකුත් තියෙනවා. කොහොම වුනත් අපි ඒ ඔක්කොම නම් දැන්න ඉන්න එක වටිනවා.  Huh

අනිත් ටිකට යන්න කලින් මේ ටික ඔළුවට දාගන්න. ඉක්මනට අනිත් එකත් දාන්නම්.  Idea

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
#2
ආ ඔය තියෙන්නෙ. එල බන්..
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#3
elh bro
[Image: source.gif]
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
Star [Tut] Forex ඉගෙන ගනිමු - 001 Elite_x 10 2,634 05-24-2019, 07:21 PM
Last Post: L4zyB0y
  Forex ඉගෙන ගනිමු - 005 Elite_x 4 1,190 05-23-2019, 12:17 PM
Last Post: Kavindu99
  [Tut] Forex ඉගෙන ගනිමු - 004 Elite_x 4 1,354 05-22-2019, 01:52 PM
Last Post: OWL99
  [Tut] Forex ඉගෙන ගනිමු - 002 Elite_x 3 1,434 05-22-2019, 01:40 PM
Last Post: OWL99
  [EduMate] Forex වලින් මගේ ආදායම Elite_x 8 2,657 02-24-2019, 06:02 AM
Last Post: Lushion Hydra
  [Question] Forex lesson Elite_x 4 1,488 11-22-2018, 02:11 PM
Last Post: Induwara Uthsara



Users browsing this thread: 1 Guest(s)