ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] Forex ඉගෙන ගනිමු - 002
#1
Forex ඉගෙන ගනිමු - 002

[Image: k2LzGUu.jpg]



Quote:
ලාභය = විකිණූ මිල - ගත් මිල
Ex - ගත් මිල = 90 හා විකුණූ මිල = 110 නම්,
ලාභය = 110 - 90
ලාභය = 20

මම කලින් පාඩමේදී නැවැත්තුවේ මෙතනින්. අද අපි එතන ඉදන් බලමු.

අපි දැන් බලමු මේ උඩින් දාලා තියන ක්‍රමය අපිට අදාල වෙන්නෙ කොහොමද කියලා. මෙතන ඉන්න කවුරුහරි විදේශ රටකට ගිහින් තියනවද? Huh නැත්තම් යාළුවෙක් හරි නෑදෑයෙක් හරි ගිහින් තියනවද? Huh එහෙම රට යනකොට කරන්න වැඩ ගොඩක් තියනවනෙ. ඒවායින් එකක් තමයි යන රටේ මුදල් වලට අපේ රටේ මුදල් මාරු කරගන්න එක. මොකද ඒ රටේදි භාවිත වෙන්නෙ වෙනත් මුදල් වර්ගයක් නිසා. උදාහරණයක් විදිහට US යනවනම් කවුරුහරි එයාලා ලංකාවේ රුපියල් US Dollars[$] වලට මාරු කරගන්න ඕනෙ. {නැත්තං ඉතින් කාලා හමාරයි} මෙහෙම සල්ලි මාරු කරගත්තා කියන්නෙ ඔයාලා නොදැනුවත්වම Forex Trade එකක් කරලා. මේ වැඩේ අපි කරන්නෙ ලාභ ලබන්න නෙවෙයි නිසා මේ ගැන එච්චරටම දැනෙන්නෙ නෑ. අපි උදාහරණයකින්ම බලමු. Idea

කවුරු හරි US යන්න හිතාගෙන ඉන්නවා කියලා හිතමු. එයා බැංකුවට ගිහින් අහනවා US Dollar 1000ක් ගන්න රුපියල් කීයක් යනවද කියලා. එතකොට අර බැංකුවෙ ඉන්න ලස්සන අක්කි බබෙක් එදා දවසෙ Exchange Rate එක බලලා කියනවා අද ඩොලර් එකක් 120.35යි කියලා. එතකොට අපිට ගන්න ඕනෙ වෙන්නෙ ඩොලර් 1000ක් නිසා අපිට මේකට පහලින් දාලා තියන ගාන වියදම් වෙනවා. {අපි හිතමු පරණ ආන්ඩුව කාලෙ ගියේ කියලා} Big Grin

160.35 x 1000 = 160350

දැන් ඌ ඇමරිකාවට ගිහින් ජොබක් එහෙම කරලා අවුරුදු 5කින් විතර එනවා. {අපි හිතමු මේ ළගදි දාවා කියලා} ඒ එන්නෙ නිකම්ම නෙවෙයි. අර යද්දි අරං ගියපු 1000$ හම්බ කරගෙනයි එන්නෙ. Idea

ඇවිල්ලා පොර යනවා බැංකුවට. ගිහින් අහනවා මගේ ළග 1000$ක් තියනවා මට ඒක මාරු කරගන්න ඕනෙ. මට කීයක් ගන්න පුළුවන්ද කියලා. අර යද්දි හිටපු ලස්සන අක්කා නෙවෙයිලු දැන් ඉන්නෙ ඈ. එයා එදා දවසෙ Exchange rate එක බලලා කියනවා අද ඩොලර් එක 178.12යි කියලා. ඒ අනුව පහල සදහන් ආකාරයට අපිට මුදල ලැබෙනවා. Shy

178.12 x 1000 = 178120

දැන් අපි බලමු අපිට ලාභයක්ද පාඩුවක්ද වෙලා තියෙන්නෙ කියලා.

ඉස්සෙල්ලා කිව්වනෙ ලාභය = විකිණූ මිල - ගත් මිල ඒ සූත්‍රයම දාලා බලමු.

ගත් මිල = 160350
විකුණූ මිල = 178120

ලාභය = විකිණූ මිල - ගත් මිල
ලාභය = 178120 - 160350

සෑහෙන ලොකු ගානක ලාභයක් වෙලා. මට උඩදි කියන්න අමතක උන දෙයක් දැන් මම කියන්නම්. මේ ඩොලර් එකක මිල තත්පරෙන් තත්පරයට වෙනස් වෙනවා. තව ටික දවසකින් Practical කරද්දි තේරුම් යයි මේක. Angry

දැන් අපි කලින් උදාහරනෙදි කතා කලේ රට යාමේ අවශ්‍යතාවය තිබුන නිසා මිලදී ගැනීමක්. හැබැයි මේක ලාභ ලබන්න කරන අයත් ඉන්නවා. Rolleyes

ඒ කියන්නෙ මේ Currency එක අරගෙන තියාගෙන ඉදලා, ඒකෙ ගාන වැඩි උනාම විකුණන අය ඉන්නවා. අන්න ඒක තමයි Forex Market එකේදි කරන්නෙ. දැන් පොඩි අදහසක් ඔළුවට වැටෙන්න ඇති මේක ගැන. කතාව මෙතනින් ඉවර නෑ මෙතනින් තමයි සීන් ඔක්කොම පටන් ගන්නෙ. Cool

අපි ඉස්සෙල්ලා කතා කරපු උදාහරනයෙන් ඔයාලට තේරෙන්න ඇති මේකෙන් ලැබෙන ලාභය අඩුයි කියලා. මොකද අපි 160350ක් දාලා ගත්තෙ 17770ක් නිසා. ඒත් අපි ඉගෙන ගන්න යන spot Forex කියන දේ මීට වඩා සෑහෙන වෙනස්. {ගොඩක්ම නෙවෙයි ටිකක්} ඒකෙ ලස්සන වචනයක් තියනවා Leaverage කියලා. අන්න ඒ වචනෙ නිසාම තමයි ගොඩක් දෙනෙක් මේකට ඇදිලා එන්නෙ. තව වචන ලොට් එකක්ම තියනවා. {Lots, Pips, Mini-Lots, Micro-Lots, Margins මේවාගෙන් කීපයක්.} ඒවා ගැන අනිත් දවසෙ බලමු. මේ කොටසට අදාල ප්‍රශ්න විස්තර මේකෙදිම අහන්න. පුළුවන් විදිහට උත්තර දෙන්නම් ඒවටත්. එහෙනම් මම යනවා. අදත් පොඩි ගානක් හරි හොයාගන්න එපැයි. Big Grin Big Grin Big Grin

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
#2
ela ela bro.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#3
එලකිරි බන්. ඉතුරුවත් ඉක්මනට දාපන්
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#4
elah bn
[Image: source.gif]
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
Star [Tut] Forex ඉගෙන ගනිමු - 001 Elite_x 10 2,634 05-24-2019, 07:21 PM
Last Post: L4zyB0y
  Forex ඉගෙන ගනිමු - 005 Elite_x 4 1,190 05-23-2019, 12:17 PM
Last Post: Kavindu99
  [Tut] Forex ඉගෙන ගනිමු - 004 Elite_x 4 1,354 05-22-2019, 01:52 PM
Last Post: OWL99
Star [Tut] Forex ඉගෙන ගනිමු - 003 Elite_x 2 1,220 05-22-2019, 01:47 PM
Last Post: OWL99
  [EduMate] Forex වලින් මගේ ආදායම Elite_x 8 2,657 02-24-2019, 06:02 AM
Last Post: Lushion Hydra
  [Question] Forex lesson Elite_x 4 1,488 11-22-2018, 02:11 PM
Last Post: Induwara Uthsara



Users browsing this thread: 1 Guest(s)