ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] Forex ඉගෙන ගනිමු - 001
#1
Star 
Forex ඉගෙන ගනිමු

Forex කියන්නෙ ගොඩක් දෙනෙක්ගෙ (විශේෂයෙන් E-money කරන අයගෙ) කතා බහට ලක් වෙච්ච මාතෘකාවක්. Forex කියන්නෙ Highly Profitable (ඉතා ලාභදායක) වගේම Highly Risky (අවධානම වැඩි) මුදල් ආයෝජන ක්‍රමයක්. ඒ නිසා මේකෙ මූලික කරුණු ගැන හොද අවබෝධයක් ලබාගැනීම ඉතා වැදගත්.  Shy

Forex කියන්නෙ මොකක්ද?

අපි Forex ඉගෙන ගන්න පටන් ගමු. මම හිතාගෙන ඉන්නෙ Forex වල Theory පැත්ත කතා කරලා ඊට පස්සෙ Practical වලට බහින්න. ඒ උතාට ගොඩක් උන්ට ඕනෙ මේක Practical කරන්න. හැබැයි මේක ලේසි නෑ ඉගෙන ගන්න. අමාරුත් නෑ. එහෙනම් අද ඉදන් පටන් ගමු අළුත් දෙයක් ඉගෙන ගන්න.  Rolleyes

මේකට ඇත්තටම කියන්නෙ Forex Market කියලා. හරියට ලංකාවේ Share Market හෝ Stock Market එක වගේ.  මේකට Forex කියලා වගේම FX Market, Currenct Market කියලත් කියනවා. Market කිව්වම එකපාර මතක් උනේ "පොළ" නේද? (පොලේ ගියපු කාලයක්වත් මතක නෑ) පොලේදි කොහොමද මිනිස්සු සල්ලි හම්බ කරන්නෙ? "බඩු විකුණලා" එකපාර කියන්න පුළුවන්. එතකොට Forex Market එකේ හම්බ කරන්නෙ කොහොමද කියලා ඇහුවොත් දෙන උත්තරය මොකක්ද? මමම කියන්නම්. Forex Market එකේ සල්ලි හම්බ කරන්නෙ "සල්ලි" විකුණලා. මොන කුණුහර්පයක්ද මූ මේ කියන්නෙ. වැඩිය හිතන්න එපා මම පැහැදිලි කරන්නම්.  Angel

Forex කියන වචනය හැදිලා තියෙන්නෙ Foriegn + Exchange කියන වචන දෙක එකතු කරලා කෙටි කිරීමෙන්. දැන් සමහර විට අදහසක් එනවා ඇති මේක ගැන. නැතත් කමක් නෑ. දිගටම කියවපල්ලා. අපි කලින් කතා කලා පොලේදි කොහොමද හම්බ කරන්නෙ කියලා. ඒ මිනිස්සු ලාභ ලබන්න නම් එයාලා අඩු මිලට අරගෙන වැඩි මිලට විකුණන්න ඕනෙ.  Big Grin එතකොට එයාලගෙ ලාභය කියන්නෙ,

ලාභය = විකිණූ මිල - ගත් මිල

Ex - ගත් මිල = 90 හා විකුණූ මිල = 110 නම්,

ලාභය = 110 - 90

ලාභය = 20

ඊළග ටියුට් එක ලියලා ඉවර වෙනකම් මේ ටික කියවලා අදහසක් ඔළුවට දාගන්න. ආපහු ඉක්මනට එන්නම් මම.  Sleepy

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
#2
ඉක්මනට එන්න.. o_O
Thanks bro
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#3
good job...
අවදානම == ලාබය , හෑම වෙලාවෙම ලාබය අවදානමට අනුලොමව සමානුපාතිකයි.
Reply
#4
(11-23-2018, 03:47 PM)xe-non Wrote: good job...
අවදානම == ලාබය , හෑම වෙලාවෙම ලාබය අවදානමට අනුලොමව සමානුපාතිකයි.


හරියටම හරි. හැබැයි මම කියලා දෙන විදිහට කර ගත්තොත් Risk + Profit විතරයි මචං.  Heart

[Image: risk_management-100579570-primary.idge.jpg]

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#5
(11-23-2018, 03:42 PM)Mmx Wrote: ඉක්මනට එන්න.. o_O
Thanks bro

අනිවා ඉක්මනට දෙනවා අනිත් ටික. කියවන්න පුළුවන් නම් PDF 1ම දාන්න පුළුවන් මේකෙ.

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#6
එල බ්‍රෝ.. Smile
දිගටම ලියමු..
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#7
PDF eka tyana wada
Reply
#8
oya kohomada analysis karanne? Technical Or Fundamental? what is best? Smile
Reply
#9
Ftta bro Heart වටිනව  Angel
Reply
#10
danui tut tika dakke bn elama post eka
[Image: source.gif]
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  Forex ඉගෙන ගනිමු - 005 Elite_x 4 1,190 05-23-2019, 12:17 PM
Last Post: Kavindu99
  [Tut] Forex ඉගෙන ගනිමු - 004 Elite_x 4 1,354 05-22-2019, 01:52 PM
Last Post: OWL99
Star [Tut] Forex ඉගෙන ගනිමු - 003 Elite_x 2 1,220 05-22-2019, 01:47 PM
Last Post: OWL99
  [Tut] Forex ඉගෙන ගනිමු - 002 Elite_x 3 1,433 05-22-2019, 01:40 PM
Last Post: OWL99
  [EduMate] Forex වලින් මගේ ආදායම Elite_x 8 2,656 02-24-2019, 06:02 AM
Last Post: Lushion Hydra
  [Question] Forex lesson Elite_x 4 1,488 11-22-2018, 02:11 PM
Last Post: Induwara Uthsara



Users browsing this thread: 1 Guest(s)