ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
Thank you Stan Lee
#1
[Image: 8a977d85e23dcdbcab7e41e2f907bac1a7420b29...0v2_hq.jpg]

ඔබ Marvel fan කෙනෙක් නම් අනිවාර්යයෙන් Stan Lee කියන නම නොදන්නවා විය නොහැකියි. මොකද ඔහු නොසිටින්නට Marvel Comics කියා දෙයක් අද නොතිබෙන්නට තිබුනා. 

2018 නොවැම්බර් 12 දින ඇමෙරිකාවේ, කැල්ෆෝනියා ප්රාන්තයේ, ලොස් ඇන්ජලිස් නුවර පිහිටි Cedars-Sinai Medical Center හී දී ජීවිතයට සමු දුන්නා. මිය යන විට ඔහුට වයස 95ක්.

Stan Lee ලෙස ඇමතුවත් ඔහුගේ උපන් නම වන්නේ Stanley Martin Lieber. 1922 දෙසැම්බර් 28 දින New Yorkහී දී තමා මොහු උපත ලබන්නේ. Spider-Man, Fantastic Four, The X-Men, The Avengers වැනි චරිත හා teams මොහු විසින් තමා නිර්මාණය වෙන්නේ.

[Image: XIoB16Kl.jpg]

වයස 16දී (1938) DeWitt Clinton නම් උසස් පාසලෙන් අධ්‍යාපනය හදෑරීමෙන් පසුව Timely Comicsහි editorial assistant කෙනෙකු ලෙස සේවයට බදවා ගනු ලබනවා. 1941දී Captain America Comics #3හි "Captain America Foils the Traitor's Revenge" ලෙස ඔහුගේ පලමු comic-book එක "Stan Lee" කියන ඔහුගේ පෑනේ නමින් රචනා කරනවා. පසුව "Stan Lee" ලෙස නීත්‍යානුකූලව නම වෙනස් කර ගන්නවා. 1942දී editor කෙනෙකු ලෙස ඔහුට උසස් වීමක්ද ලැබෙනෙවා, Timely Comics, පසුව Atlas Comic ලෙස නාමය වෙනස් වෙනවා. ආර්ථික අපහසුතා මැද Stan Lee විසින් The Witness, The Destroyer, Jack Frost, Whizzer, සහ Black Marvel ලෙස comic-book series කිහිපහක් ලියනු ලබනවා.

[Image: 2Dp5uAdl.jpg]

1961 Stan Lee හා Jack Kirby එක්ව The Fantastic Four නිර්මාණය කරනු ලබන අතර මෙම series එක ඉතාමත් ජනප්‍රිය වෙනවා. මේ කාලයේ දීම Atlas Comic අප දන්න කියන Marvel Comics ලෙස නාමය වෙනස් කරනු ලබනවා. ඉන් වසරකට පමන පසුව Stan Lee හා Steve Ditko එක්ව Marvelහි වඩාත්ම ජනප්‍රිය චරිතය වන Spider-Man නිර්මාණය කරනු ලබනවා. Lee, Kirby, හා Ditko ගේ මෙම හවුල් වැඩපිලිවෙල “the Marvel method” ලෙස හැදින්වීමට පටන් ගන්නවා. මෙම ක්‍රමය නිසා Marvel එකට සැලකියයුතු අන්දමින් සාර්ථක ලෙස අලුත් අලුත් stories ගොඩනැගීමට හැකියාව ලැබුනා. මේ අනුව The Incredible Hulk හා The X-Men වැනි වෙනස්ම ව්දියේ comic-book නිර්මාණය වූ අතර මේවා හිතා ගත නොහැකි වන ලෙස ඉතාමත් ජනප්‍රිය වෙනවා. 1972දී එනම් වයස 50දී Stan Lee Marvelහී publisher හා editorial director තනතුරට පත්වනු ලබනවා.

[Image: Stan-lee-spider-man-wmb-3d-nick-saglimbe...graphy.jpg]

වසර 60කට අධික කාලයක් Marvel එකට සේවය කිරීමෙන් අනතුරුව, 1998දී ඔහු විසින් Internet entertainment company එකක් Stan Lee Media ලෙස අරඹන අතර Stan Lee, Marvelහී chairman ලෙස පත්වනු ලබනවා. 2000දී Stan Lee Media එකෙන් "7th Portal" ලෙස animated online series එකක් නිර්මාණය කරන ලද අතර Stan Lee විසින් එහි "Izayus" කියන චරිතයට හඩකවනු ලබනවා. නමුත් අවාසනාවන්ත ලෙස සමාගම නඩු හා දූෂණ චෝදනාවලින් හේතුවෙන් බංකොලොත් වීම නිසා 2000 අවසානයේ දී වසා දමන ලදි. 

[Image: gFldSkKl.png]

2001දී Stan Lee, Gill Champion හා Arthur Lieberman සමග එක්ව POW! (Purveyors of Wonder) Entertainment ලෙස media production company එකක්ද පිහිටුවන ලදි.


[Image: U0ZR42ll.png]

තව දෙයක් තමයි මොහුගේ මේ comic-books පාදක කරගනිමින් බොහෝ animated series හා films නිෂ්පාදනය වුනා තවමත් වෙනවා. මේවයේ හැම එකකම වගේ පොඩි පොඩි scene වල Stan Lee ඉන්නවා දැක ගන්න පුලුවන්. මේ වට කියනනේ cameo කියලා. Stan Lee ගේ මුල් ම cameo එක උනේ “The Trial of the Incredible Hulk” නම් TV film එකෙයි. මෙතනින් ගිහින් Marvel ඒකේ ඔහුගේ cameo ටික බලාගන්න පුලුවන්. [Only registered and activated users can see links Click here to register]

[Image: HsQJt4El.jpg]

මීට අමතරව Stan Lee විසින් Marvel නොවන වෙනත් ආයතන වලත් cameo වල රග දක්වා ඇත. මේ ඉන් කිහිපයක් [Only registered and activated users can see links Click here to register] 

Avengers 4හි ඔහුගේ cameo එකක් ඇති බව Russo Bros මේ වන විට පවසා ඇත.

[Image: YhqGKdRl.jpg]

අවසානයේ දි ඉතින් කියන්න තියෙන්නේ,

Thank You Stan Lee, For Everything


ඔයාලටත් තව දෙවල් එකතු කරන්න තියේ නම් පහලින් comment eකක් දන්න.

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
#2
වටින මිනිසෙක්. Marval film එකක් බලපු නැති කෙනෙක් හොයාගන්නත් නැති තරම්. ඒ තරමටම ලස්සන කතා තියනවා. Anyway RIP Stan Lee.

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply


Forum Jump:


Users browsing this thread: 1 Guest(s)