ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] Windows 10 වලට අලුත් theme එකක් install කරමු
#1
Windows 10 වලට අලුත් theme එකක් install කරමු

[Image: Tnse1nzl.jpg]

හොදයි එහෙනම් මුලින්ම මෙතනින් ගිහින් ඔක්කොම files ටික download කර ගන්නකෝ.

[Only registered and activated users can see links Click here to register]

පලමුව ආරක්ෂාව කියනවනේ, ඒ හින්දා අපි මුලින්ම System Restore Point එකක් create කරලා ඉමු, මොකද හදිස්සියේ වත් කෙල උනොත් ආයෙත් restore කරලා ගන්න පුලුවන් නිසා.

Create Restore Point

"Create Restore Point" කියලා start එකේ ගහලා open කරගන්න. 

දැන් drive එකට C: (System) තොරලා පහල තියන create button එක click කරන්න

[Image: VNtH6Nbl.png]

දැන් කැමති නමක් දීලා create click කරන්න.

[Image: ANbkKmOl.jpg]

restore point එක create කරාට පස්සෙ, theme එක install කරන්න අපිට system එක patch කරන්න වෙන්වා.

Patch system for install theme

ඒකට මුලින්ම c:\windows\system32 පහල තියන files වල ownership එක අපේ user account එකට ගන්න වෙන්වා.
  • uxtheme.dll
  • UXInit.dll
  • themeui.dll
උදාහරණයකට අපි uxtheme.dll කියන file එක ගමු. 
මුලින්ම file එක උඩ right click කරලා properties ගිහින් security tab එකේ පහල තියන Advance button එක click කරන්න.

[Image: J5jlC2Hl.jpg]

දැන් owner කියලා තියන තැන change කියන එක click කරන්න.

[Image: sLtkMrsl.jpg]


දැන් එතන Advance click කරලා Find now දෙන්න.

[Image: MBzKx7el.jpg]

දැන් පහල එන account list එකෙන් තමන්ගේ account එක තෝරලා OK දෙන්න.

[Image: fD4SyFtl.jpg]

"Replace owner on subcontainers and objects" කියන එක ටික් කරලා OK දෙන්න.

[Image: 7qTqx9jl.jpg]

දැන් properties වල security tab එකේ edit දීලා, Add button එක click කරන්න.

[Image: VbByNH2l.jpg]

දැන් ආයෙත් අර විදියට තමන්ගේ account එක තෝරලා OK දීලා account එකට full control ලබා දී OK හා yes දෙන්න.

[Image: RG9nOgUl.jpg]

දැන් ඔය විදියට අනිත් files දෙකෙත් owner වෙනස් කරන්න.

ඔක්කොම කරාට පස්සෙ, download කරපු files වල ඇති theme patcher එක. දැන් ඒක install කරන්න.

[Image: XVCITvfl.jpg]



[Image: 5SwFJVKl.jpg]

දැන් reboot කරන්න.

[Image: qykOBmtl.jpg]

reboot එකෙන් පස්සේ theme එක දාන්න තමයි තියෙන්නේ.

Install the theme

ඒකට  download කරපු files වල ඇති "Theme (ARK)" කියලා zip එකක්, ඒක unzip කරාම theme කියන folder එක අතුලෙ තියන files ටිකයි, folder එකයි  C:\Windows\Resources\Themes  කියන folder එක ඇතුලට දාන්න.

[Image: xuL5YP3l.jpg]

දැන් Desktop එක උඩ right click කරලා Personalize ගිහින් Themes click කරාම බලා ගන්න themes කිහිපයක් තියනවා ARC කියලා ඒවලින් කැමති එකක් දාගන්න. මන් දාන් ඉන්නේ Ark-dark-flatabulous කියන එක.

[Image: Qx8CuqBl.jpg]

ඔයාගේ තියෙන්නේ windows 10 1809 update  එක නම් colors වලට ගිහින් App Mode එක Dark දාන්න.

දැන් බලන්න file explorer එක open කරලා theme එක වැටිලා ඇති.

දැන් එහෙනම් Icon Pack එකකුත් install කරමු.

Install a iPack

Download කරපු files වල iPack 2ක් ඇති ARK හා Winremix කියලා, ඔයාට කමති එකක් දාගන්න.


ARK iPack
[Image: BTj71gBl.png] 


Winremix iPack
[Image: xy85MyHl.png]


උදාහරණයක් විදියට අපි Winremix iPack එක install කරමු.

දැන් අදාල zip එක unzip කරම අති extension එක "ex" කියලා තියන file එකක් ඒක "exe" විදියට rename කරලා file එක copy කරලා Local Disk C එකේ themes කියලා folder එකක් හදලා ඒකට paste කරන්න. (iPack එක install කරාට පස්සේ uninstall කරන්න ඔනේ උනොත් ඒක කරන්න ඔනේ මේ setup එකම ආයෙත් පාරක් run කරලා නිසා, file එක හොයාගන්න පහසුවට.)

දැන් file එක double click කරලා run කරලා Agreement එක මුල ඉදන් හොදට කියෝලා :P I accept the agreement එකට ටික් එක දාල next දෙන්න.

[Image: j8h0Y60l.jpg]

Patch all files දීලා next දෙන්න.

[Image: hMMq2lgl.jpg]

දැන් අහයි restore point එකක් හදන්නද කියලා, ඉස්සෙල්ලා අපි හැදුව නිසා අවශ්‍යම නෑ ඔනෙනම් yes දෙන්න.

[Image: uU2B2Fkl.jpg]

දැන් iPack එක install වෙන්න ගනයි. මේකට ටිකක් වෙලා යනවා. මගදි නවත්තන්න යන්න එපා. නවත්තලා මොකක් හරි උනාට පස්සේ මෙතන අඩාගෙන එහෙම එනවා නෙමෙයි.  :cry:  

[Image: if140OYl.jpg]

install උනාට පස්සේ පහල විදියට වටෙයි. finish දෙන්න. 

[Image: MLEvwoHl.jpg]

දැන් බැලුවොත් desktop එකේ හා file explorer එකේ icons වෙනස් වෙලා තියන්වා පෙනෙයි.

දැන් එහෙනම් start එකත් customize පාරක් දාමු.

Customize Start Menu

download කරපු files වල අති StartIsBack කියලා එකක් එක unzip කරලා run කරලා yes දෙන්න.

[Image: 8a68YS1l.jpg]

install උනාට පස්සේ එන එකෙත් yes දෙන්න.

[Image: katBV5jl.jpg]

දැන් start button එක උඩ right click කරලා properties දෙන්න. දැන් window එකක් open වෙයි ඒකේ Appearance tab එකේ පහත ආකාරයට හෝ කැමති විදියකට වෙනස් කරන්න.

[Image: qNF3jUsl.jpg]

[Image: EexeOXZl.jpg]

දැන් start එකට ගිහින් බලන්න start එක වෙනස් වෙලා තියෙයි.

[Image: 4ARps8Il.jpg]


ඔන්න එහෙනම් tut එක ඉවරයි, තව ටිකක් ලස්සන කර ගන්න හොද wallpaper ට්කකුත් දාගන්න. මොනා හරි අවුලක් තියේ නම් පහලින් comment එකක් දාන්න.

ඔබට ජය!!!

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
1
#2
ela bro.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#3
ela mcn
 Angry     Cool  [b][/b]ZEAL[b] Cool Angry [/b]

╥ZEAL╥
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  How to Fix Error 0xc00007b in Windows (100% Solved) Defaltlk 0 64 07-04-2019, 07:42 AM
Last Post: Defaltlk
  [Tut] Folder Background change(Customizing Windows 7) Tut 1 Redress 6 1,515 06-12-2019, 10:30 AM
Last Post: Kaizer Brother
Wink [Question] Free RDP එකක් ගන්න උදවුවක් ඕනෙ! 7H1L1N4_N1M35H 5 1,169 02-08-2019, 06:04 PM
Last Post: Anøn LK
Wink [Tut] Windows 10 Taskbar එක Transparent කරමු![RegEdit] 7H1L1N4_N1M35H 4 1,260 10-15-2018, 07:45 PM
Last Post: viper



Users browsing this thread: 1 Guest(s)