ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




FB - algorithm vs ලකේපංකා FB
#1
Tongue 
දැන් දැන් එලියෙ ඇත්තටම තියන ප්‍රශ්න බුකියෙ ට්‍රෙන්ඩ් වෙන්නෙ නෑ නේද? එලියෙ හොඳටම ගංවතුර. හැබැයි මේකෙ ට්‍රෙන්ඩ් වෙන්න වෙන කුණු හරුප.

වෙන්නෙ හොඳටද නරකටද කියන්න තේරෙන් නෑ , හැබැයි social media කියන්නෙ තව දුරටත්  "social" දෙයක් නෙමෙයි. ඉස්සර වගේ ස්වභාවිකව මාතෘකා මතුවෙන්නෙ නෑ. ඔක්කොම algorithm-based.

ඉස්සර බාහිර පරිසරයෙ අරමුණක් වෙනුවෙන් සංවිධානය වීම  කෙරුණෙ සයිබර් ලෝකෙ ඇතුලෙ. ගංවතුරක් නම් ඒකට ආධාර එකතු කලේ ෆේස්බුක් එකේ. දැන් තත්වය වෙනස්. කුමක් හෝ අරමුණක් වෙනුවෙන් social media මෙහෙයවන්න ඕනෙ නම් දැන් ඒ වෙනුවෙන් සංවිධානය වීම කෙරෙන්න වෙන්නෙ ස්ක්‍රීන් එකෙන් මෙහා ඇත්ත ලෝකෙදි. මහා ඔන්ලයින් කැම්පේන් විදිහට අපිට පේන දේවල්  මෙහෙයවෙන්නෙ එලියෙ කෙරෙන සංවිධානය වීම්/ කොන්ත්‍රාත්තු හරහා.

මේක නිකන් හරියට දැන් ටෙලිවිෂන් එක වගේ. ඉස්සර ටෙලිවිෂන් තිබුණෙ සීමිත පිරිසකට විතරයි. ඒ කාලෙ හැදුණ ප්‍රොග්‍රෑම් වල ඉඳල ඇඩ්වටිස්මන්ට් වෙනකම් ටාගට් කලේ ඒ කොට්ටාශයට. ඊට පස්සෙ ටෙලිවිෂන් ලාබ වෙලා හැමෝටම ටෙලිවිෂන් පාවිච්චි කරන්න පුලුවන් වුණා. ඊට පස්සෙ ඉස්සර ටෙලිවිෂන් බලපු සීමිත පිරිස ගියා ටීවී එකෙන් පිටිපස්සට. එයාල ස්ක්‍රීන් එකට යටින් ඉඳල අර පස්සෙ ටීවි බලන්න පටන් ගත්ත උදවියව මෙහෙයවන්න ගත්තා. එයාල තමා ඩ්‍රාමා හැදුවෙ, එයාල තමා සිංදු කිව්වෙ, එයාල තමා ඇඩ් හැදුවෙ. ටෙලිවිෂන් එකෙන් එලියට එන දේවල් ඇතුළෙ දැන් පේන්න තියෙන්නෙ සීමිත පිරිසක් තමන්ගෙ අවශ්‍යතාවය වෙනුවෙන් බහුතර ප්‍රේක්ෂකාගාරයක් මෙහෙයවන ආකාරය. ඒ මෙහෙයවන පිරිස සූක්ෂමයි. ඒක ටෙක්නිකලි මෙහෙයවන විදිහ ගැන සෑහෙන්න දැනුවත්. ඒ ගැන ඩිග්‍රි, කෝස් පවා හැදෙනවා. ඒත් මෙහෙයවෙන පිරිස (ටීවි බලන උන්) හිතනවා එයාල හිතන විදිහට වැඩේ වෙනවා, එයාල කැමති දේවල් තමා මේකෙ යන්නෙ කියල. පොඩ්ඩක් හරි ඒ නින්දෙන් අවදි වෙන එකෙක් හිතන්නෙ කොහොමද තමනුත් ස්ක්‍රීන් එකෙන් පිටිපස්සට ගිහින් "මෙහෙයවන පිරිස"ට එකතු වෙන්නෙ කියන එක.

ඕනෙම මාධ්‍යයක පරිණාමය ඕක‍යි. "සමාජ" මාධ්‍ය කියල කියාගන්න මේකෙත් පරිණාමය ඕකම තමා. මුලින් සීමිත පිරිසක් අතර ආතල් එක බවට පත් වෙලා තිබ්බ පරිසරයක් ටික ටික පොදු ජනතාව අතරට යනකොට මුල් පදිංචිකරුවො බලන්නෙ මේක ටූල් එකක් විදිහට පාවිච්චි කරල තමන්ට ඕනෙ දේ, නැත්නම් ලාභයක් ලැබෙන දෙයක් කරගන්නෙ කොහොමද කියන එක. උන් යනව ස්ක්‍රීන් එකෙන් පිටිපස්සට. දැන් උන් දෙන ආතල් අපි ගන්නවා. අපි හිතනවා ඒ ආතල් එක හදන්නෙ  අපිමයි කියල. යකෝ අපිත් ට්‍රෙන්ඩ් සෙටර්ස්ලනෙ  කියල හිතනවා.

ඕක චුට්ටක් හරි තේරෙන කෙනෙක් ඉන්නව නම් තමන්ගෙ වැඩේ කරගන්න ස්ක්‍රීන් එකෙන් පිටිපස්සට යන්න වෙනවා. ඒ වැඩේ ලාභ ලැබෙන දෙයක්ද, සමාජයට හොඳක් කරන දෙයක්ද කියන එක අදාල නෑ. මොන දේ වුණත් එලියෙන් ඉඳල මේක ටූල් එකක් විදියට පාවිච්චි කරනව ඇරෙන්න වෙන විසඳුමක් නෑ...


Comment එකක් දැම්මා කියලා ඇ# ගෙවෙන් නෑ
#2
අම්බෝ පට්ට බං
Reply




Users browsing this thread: 1 Guest(s)