ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




Kali Linux 2019.4 Release and New Features
#1
Kali Linux 2019.4 Release and New Features

[Image: PkpEYMLl.jpg]

Offensive Security එකෙහි pentesting හා ethical hacking OS එකක් වන Kali Linux මෙහෙයුම් පද්ධතියෙහි නවතම version එක වන "Kali Linux 2019.4" පසුගිය දා එලි දැක්වූවා. මෙය "Undercover Mode" වැනි නව විශේෂාංග රැසක් හා අලුත් theme එකකින් ද සමන්විත වන අතර මෙහි Default Desktop Environment එකෙහි ද ලොකු වෙනෙස් කමක් ද සිදු කරනු ලැබුවා. මේ ලිපියෙන් අපි ඒ පිළිබදව කතා කරමු.

[Image: kali-preview-boot.gif]

Xfce Is Now The Default Kali Linux Desktop Environment

මෙතෙක් කල් Kali Linuxහි Default Desktop Environment එක වුනේ GNOME කියලා කවුරුත් දන්නවනේ. ඔන්න ඉතින් මේ update එක සමගින් Default Desktop Environment එක GNOME සිට Xfce වලට මාරු කරනු ලැබුවා.
මෙම වෙනසට හේතු කිහිපයක් නිකුත් කිරීමේ නිවේදනයේ මෙලෙස සඳහන් වේ.

Quote:"We wanted to go with something fresh, new, and modern."

Gnome පරිසරය යනු බොහෝ capabilities සහිත අංග සම්පූර්ණ Desktop Environment එකක්. කෙසේ වෙතත්, මෙය Kali වැනි Distribution එකකට බොහෝ විට ප්‍රයෝජනවත් නොවන capabilities සමඟ පැමිණේ. මේ නිසා මෙහි performance තරමක් අඩු විය. වඩා සැහැල්ලු Xfce Environment එකට ගමන් කිරීම මෙම ගැටළු වලට විසඳුම් ලබා දෙන අතර මෙය සාමාන්‍ය Kali පරිශීලකයාගේ අවශ්‍යතාවන්ට අනුකූල පරිසරයක් සපයයි.

32-bit සහ 64-bit x86-64 යන්ත්‍ර, ARM සහ VMware සඳහාද කාලි versions ඇත. X86-64 versions වල GNOME Environment එක භාවිතා කළ නමුත් ARM version එකට එසේ නොවීය. පහළ මට්ටමේ ඇති ARM ගොඩනැගීම සදහා බොහෝ විට අනෙක් deployments වලට වඩා වෙනස් වූ UI එකක් තිබුනි. Offensive Security විසින් දැන් සියළුම කාලි බෙදාහැරීම් සඳහා ප්‍රමිතිගත UI එකක් ලබා දෙයි. මේ නිසා ARM වැනි පහළ මට්ටමේ පරිගනක වල සිට ඉහළ මට්ටමේ ලැප්ටොප් පරිගණක දක්වාම Xfce කියන්නේ හොද තේරීමක්.

Undercover Mode

[Image: kali-undercover-1.gif]

Kali 2019.4 හි වඩාත්ම සිත් ගන්නා සුළු විශේෂංගය වනුයේ hacker/pentester කෙනෙක්ට පොදු ස්ථානයක වැඩ කිරීමේදී වෙස්වළා ගැනීමට හැකි නව "Undercover Mode" එක යි.

ඔබ පොදු ස්ථානයක වැඩ කරන බව හිතන්න, වෙනෙත් පුද්ගලයින් කාලි මකරාව දැකීම සහා ඔබ කරන්නේ කුමක්දැයි සැකයට ලක්වීමට ඔබට අවශ්‍ය නොවනු ඇත. ඉතින් මේකට developersලා විසින් කුඩා script එකක් සාදා ඇති අතර එය ඔබේ Kali theme එක default Windows installation එක මෙන් වෙනස් කරයි.

ඒ ආකාරයෙන්, ඔබට තව ටිකක් හැංගිලා වගේ වැඩ කරන්න පුලුවන්. ("That way, you can work a bit more incognito"). ඔබේ කාර්‍යය අවසන් වූ පසු සහ වඩාත් පෞද්ගලික ස්ථානයක ඉන්න විට, scriptඑක නැවත ධාවනය කර නැවත ඔබේ සුපුරුදු Kali theme එකට මාරු වන්න පුලුවන්.

මෙය enable කිරීමෙන් පසු සිදු වන්නේ, Windows-10 කියන සාමාන්‍ය GTK theme එක enable වීමක්. ඒ වගේම මෙහිදී icons ද Windows-10-Icons ලෙස වෙනස් වන අතර Wallpaper එක ද default Windows 10 wallpaper එකට වෙනස් වෙනවා. සමීප පරීක්ෂාවකින් පරිගණක දැනුමක් ඇති කෙනෙක්ට මෙය හදුනා ගත හැකි නමුත් දුර සිට බැලූ බැල්මට ඕනෑම කෙනෙකුව රවටා ගැනීමට එය ඒත්තු ගන්වයි.

Menu එකේ ඇති Other -> Kali Undercover Mode මගින් ඔබට Undercover Mode එක enable කරගන්න පුලුවන්.

Extensive Documentation

කාලි ලිනක්ස් මෙනුව ක්ලික් කිරීමෙන් "Information Gathering", "Vulnerability Analysis", "Password Attacks", "Reverse Engineering" වැනි ලේඛන නාමයන්(document names) සහිත ලේඛන ලැයිස්තුවක්(documentation ) පෙන්වයි. මෙම updated documentation එක ලියා ඇත්තේ Markdown නම් Markup Language එකෙන්.

PowerShell Available

තව විශේෂත්වයක් වන්නේ "Kali Linux 2019.4" හි windows වල තියෙන powershell එක ද දැක ගන්න පුලුවන්. එය powershell (apt-get install powershell) යන නම යටතේ ඇත.

[Image: power-shell-1-1.png]

powershell පැකේජය ස්ථාපනය කළ පසු එය pwsh විධානය සමඟ ප්‍රවේශ විය හැකිය. ඒ උනත් powershell,  Live environment එකට ඇතුළත් කර නැත. ඔබට  ISO එක USB stick එකක දමා එය boot කර powershell ධාවනය කළ නොහැයි.(it's optionally available but not included.)

[Image: kali-pwsh-powershell-1.png]

Full Kali desktop on Android

[Image: kali-kex-theme.gif]

තව ද, Bluetooth keyboard එකක් සහ mouse එකක් සමඟ HDMI output එකක් භාවිතා කරමින් ඔබේ දුරකථනයෙන් Kali Linux  පිවිසීමට හැකි පරිශීලකයින්ට හැකි "NetHunter KeX" නමින් නව අංගයක් ඇත.
මීට අමතරව පහත දක්වා ඇති විශේෂංගයන් ද මෙම version එකේ අඩංගු වේ.
  •     Public Packaging – getting your tools into Kali
  •     BTRFS during setup
  •     Added PowerShell
  •     The kernel is upgraded to version 5.3.9
  •     Plus the normal bugs fixes and updates.

[Image: wDiwB4Il.png]

[To see links please login or register here]


Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
1
#2
Cool  Cool
1
Reply
#3
Supiri ✌️❤️
Reply
#4
aluth updat eka patta habei
Defalt_Lk 
Rolleyes
Reply




Users browsing this thread: 1 Guest(s)