ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
[Tut] Network Testing Methods
#1
කොහොමද ඉතින් සෙට් එකට. අද අරගෙන ආවේ Network Testing Methods නැතිනම් ජාල පර්යේෂන ක්‍රම කිහිපයක් පිලිබදව.

ipconfig

[Image: ipconfig_2-1.gif]

ipconfig යනු microsoft windowsහි විධාන පේළි අතුරු මුහුණුත (command line utility/command prompt) මත ක්‍රියාත්මක වන විධානයකි. මෙය windows NT සමග ආරම්භ විය. මෙම විධානය මගින් සෑම ජාල කාඩ් පතකම (Network adapters) ip ලිපිනය, උපජාලා ආවරණය (Network mask/subnet mask), අදාල මංද්වාරය (default gateway) පිළිබදව තොරතුරු පෙන්නුම් කරයි.

ipconfig/all

[Image: 10639]

මෙම විදානය මගින් සෑම ජාල කාඩ් පතකටම අදාල TCP/IP Network configuration තොරතුරු පෙන්නුම් කරනු ලබයි.
ඒවා කිහිපයක් නම්,
  • IP Address (Logical Address)
  • Ethernet MAC Address (Physical Address)
  • Subnet Mask
  • DHCP-Dynamic Host configuration Protocol information
  • DNS-Domain Name System settings
  • Computer's Name (hostname)
  • Default Gateways for all adapters 
  • වෙනත්

netstat

[Image: a5_f4.gif]

netstat යන වචනයෙන් කෙටි කර දක්වා අත්තේ Network Statistics (ජාල සංඛ්‍යාලේඛන ද මොක්කද  Tongue ) යන්නයි. ජාල පිළිබද සංඛ්‍යාන විස්තර ලබා දීම මෙහි අරමුණයි. පරිගනකයක් අනෙකුත් ජාල හෝ පරිගනක හෝ සමග පවතින සම්බන්දතාව පෙන්නුම් කරයි.

තව ද මේ මගින් කුමන කවුලු (port) විවෘත වී ඇති ද යන්න, කුමන වැඩසටහන් මගින් එම කවුලු භාවිත කරන්නේද යන්න, එක් එක් ජාල සම්බන්දතා මගින් ලැබෙන්නා වූ හා යවන්නාවු පැකට් සංඛාව දැක ගත හැක. netstat සමග භාවිතා කරන commands කිහිපයක් පහත දැක්වේ.

CommandPurpose
netstat ?
Help with commands.
(උදව් ලබා ගැනීම.)

netstat -a
Displays all connections and listening ports.
(සියලුම සක්‍රීය සම්බන්ධතා සහ පරිගණකය සවන් දෙන(listening) ports නිරූපණය කරයි.)

netstat -e
Displays Ethernet statistics. such as the number of bytes and packets sent and received. This parameter can be combined with -s.
(ethernet සංඛ්‍යා ලේඛන පෙන්වයි. යවනු ලබන හා ලැබෙන බයිට්ස් සහ පැකට්ටු ගණන වැනි. මෙම පරාමිතිය -s සමඟ සංයුක්ත කළ හැකිය.)

netstat -r
Displays the contents of the IP routing table. This is equivalent to the route print command.
(IP routing table අන්තර්ගතය පෙන්වයි. මෙය route print විධානයට සමාන වේ.)

netstat -s
Displays statistics by protocol. By default, statistics are shown for the TCP, UDP, ICMP, and IP protocols.
(නියමාවාලි පිළිබද විස්තර පෙන්වයි.)


nslookup

[Image: nslookup1.jpg]

nslookup යනු ඩොමේන් නාමයක් (Domain Name) හෝ IP ලිපින සිතියම් (IP address mapping) ලබා ගැනීම හෝ වෙනත් විශේෂිත DNS වාර්තාවක් සඳහා ඩොමේන් නාම පද්ධති (Domain Name System) විමසා බැලීම සඳහා යොදා ගන්නා විදානයකි.


මෙමගින් ඩොමේන් නාමයක් මගින් ip ලිපිනයන්ද ip ලිපිනයන් මගින් ඩොමේන් නාමයන්ද බලා ගත හැක.

මේකෙන් ගොඩක් websiteවල Cloudflare වුනත් bypass කරන්න පුලුවන්. Tongue

ping

[Image: kb-infinite-ping-2.jpg]

මේකනම් ගොඩක් දෙනෙක් දන්න කියන command එකක්. මෙය පරිගනකයක්, ජාලයක වෙනත් පරිගනකයක් හෝ උපාංගයක් සමග භාදාවකින් තොරා සම්බන්ද ව පවතිනේද යන්න පරික්ෂා කිරීමට භාවිතා කල හැක.

command prompt එකේ මේ විදානය සමග අවශ්‍ය පරිගනකයේ හෝ උපාංගයේ ip ලිපිනය හෝ ඩොමේන් නාමය ලබා දුන් විට එම අග්‍ර දෙක අතර සම්බන්දතාවය පරික්ෂා කරනු ලබයි.

ping විදානය සදහා ICMP(The Internet Control Message Protocol) නියමාවලිය මත ක්‍රියාත්මක වන දත්ත පැකැට්ටු භාවිත කරයි. මෙහි දී යවන ලද දත්ත පැකැට්ටු ගමනාන්තයට ගොස් නැවත පැමිණෙන තෙක් බලා සිටී (wait for ICMP Response). මේ සදහා ගතවූ කාලයද පෙන්වයි(RRT-Round Trip Time).

සාමාන්‍යයෙන් ping දත්ත පැකැට්ටුවක් යවා නැවත එනතුරු මිලිතත්පර 4000ක් (තත්පර 4ක්) රැදී සිටී. එම කාලය තුල පැකැට්ටුව නොපැමිණිය හොත් "request time out"  ලෙස පෙන්නුම් කරයි.

ping 127.0.0.1 විදානය මගින් භාවිතා කරන ජාල කාඩ් පත නිවැරදිව ක්‍රියා කරනවාද යන්න නිවැරදිව පරික්ෂා කල හැක.

තවද ping xx.xx.xx.xx -t  (xx.xx.xx.xx යනු අදාල ip ලිපිනයයි.) ලෙස ලබා දීම මගින් නොනවත්වා දත්ත පැකැට්ටු යොමු කල හැකි අතර එය නැවත් වීමට ctrl+c භාවිත කල හැක.


tracert

[Image: tracert.gif]

tracert යන වචනයේ අදහස වන්නේ trace route යන්නයි. මෙම විදානය මගින් ජාලයක වෙනත් පරිගනකයක් හෝ උපාංගයක් අතර මාර්ගය නිරීක්ෂණය කළ හැකි ය. එම මාර්ගයේ මංහසුරු (routers) සියල්ලම මෙමගින් බලා ගත හැක. යම් කිසි මංහසුරුවක් ක්‍රියාත්මක නොවන්නේ නම් එය ද හදුනා ගත හැක. එනම් ඉන් ඔබ්බට විදානය ක්‍රියාත්මක නොවේ.


මීට අමතරව ඔයගොල්ලො දන්න විදාන තියෙනවනම් පොඩි විස්තරයකුත් එක්ක පහලින් comment කරන්න. ඔබට ජය!

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]com
General Queries: [email protected] 
1
#2
ela bro.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#3
Maru Mcn
Reply
#4
එල මචන් ?❤️
Reply
#5
patta tfs
Reply


Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  [Tut] [NetTuto #01] What is a Network Area Master 9 978 03-04-2019, 12:56 PM
Last Post: Area Master
  [Tut] Network Protocols Anøn LK 1 384 09-18-2018, 04:04 PM
Last Post: Induwara Uthsara

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)