ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




Srilankan Airlines Banned Macbook Pro
#1
Srilankan Airlines Banned Macbook Pro

ඇපල් සමාගම විසින් නිෂ්පාදිත අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග සිය ගුවන් යානා තුළ රැගෙන යාම සීමා කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා. ඇපල් සමාගම විසින් අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග නිපදවා ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණයි. බලපෑමට ලක්වූ ඒකක මූලික වශයෙන් විකුණනු ලැබුවේ 2015 සැප්තැම්බර් සිට 2017 පෙබරවාරි දක්වා කාලය තුළ යි.

ඒවායේ බැටරිය අධික ලෙස රත්වී ගිනි ගැනීමේ අවදානමක් ඇති විය හැකි බව ඇපල් සමාගම නිවේදනය කර තිබෙනවා. අඟල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග සිය ගුවන් යානා තුළ රැුගෙන යාම සීමා කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තීරණය කර ඇත්තේ ද ඒ අනුවයි.

[Image: QcE7yQAl.jpg]

තවද තමන් සතු අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග ආරක්ෂිත බවට ඇපල් සමාගමෙන් තහවුරුවක් ලබා ගන්නා ලෙස ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම මගීන්ගෙන් ඉල්ලීමක් කරනවා. එවැනි තහවුරුවක් ලබාගෙන නොමැති අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග සිය යානා තුළ රැගෙන යාමට අවසර නොදෙන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වැඩිදුරටත් පැවසුවේ.

[Image: Vs6oeFjl.jpg]

එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් මෙම ආකෘතිය තහනම් කර ඇති අතර විශේෂයෙන් 2015 සැප්තැම්බර් සහ 2017 පෙබරවාරි අතර විකුණන ලද ඒවා ජුනි මාසයේදී ඇපල් සමාගම විසින් නැවත කැඳවීමක් නිකුත් කිරීමෙන් පසුවයි ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම තීරණය ගෙන තිබෙන්නේ.

source :- aayubo.com
NO  HUG AND KISSES  ONLY  BUG AND FIXES
#2
Ela Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply




Users browsing this thread: 1 Guest(s)