ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] JavaScript -4 (Conditional statement)
#1
Star 
Idea Conditonal Statement

programming language වලදී දෙන කොන්දේසියක් එහෙමත් නැත්නම් කන්ඩිෂන් එකක් පරික්ශා කර ඊට ගැලපෙන පිලිතුරු ලබා දීමත් ලබා දුන් පිලිතුරට අනුකූලව program එක ක්‍රියාත්මක කිරීමටත් Conditional statement භාවිත කරයි. javascript වලදී if සහ switch යන Conditional statement දෙක පාවිච්චි කරනවා.

if Conditional Statement

මෙම if කන්ඩිෂනල් ස්ටේට්මන්ට් එක, ක්‍රම 3කට භාවිත කල හැක. if ස්ටේට්මන්ට් , if...Else ස්ටේට්මන්ට් සහ [color=E82A1FF]if..Else if...Else
ස්ටේට්මන්ට් යනු ඒ 3යි.

පලමු ක්‍රමය

මෙය if conditional statement එක යෙදිය හැකි සරලම ආකාරයයි.මේකෙදි අපි දෙන කොන්දේසිය සත්‍ය නම් විතරක් ඉටු විය යුතු කාර්යය ලියන්න පුලුවන. අසත්‍ය නම් මොකුත් වෙන්නෙ නෑ.
මේකෙ පොදු ආකෘතිය
if(කන්ඩිෂන් එක)
{
කන්ඩිෂන් එක සත්‍ය නම් විය යුතු කාර්යය
}


මෙන්න පොඩි program එකක්

<html>

<body>

<h1> if</h1>

<script type = "text/javascript">

var d= new Date( );
var a = d.getHours (  );

document.write(a);

if (a>12)
{
alert ("Good Day");
}

</script>

</body>

</html>

OUT PUT
[Image: uMC77V7l.jpg]

මෙහි 5 වෙනි පේලියෙන් d කියල වේරියබල් එකක් පටන් ගෙන තියෙනවා. new date( )  කියන එකෙන් වෙබ් පේජ් ඒක ඕපන් කරන device එකේ තියෙන දිනයා  ලබා ගන්නව. ඊලග පේලියේ d.getHours ( ) කියන එකෙන් දිනයට අදාලව device එකේ system clock එකේ තියෙන පැය ගාන ලබා ගන්නවා.
8 වෙනි පේලියෙන් if statement එක ආරම්භ වෙයි. එහිදී a>12 මගින් a variable එකෙහි අගය 12 ට වඩා විශාලද බලයි. විශාලයි නම් 10 වෙනි පේලිය ක්‍රියාත්මක වේ.

දෙවෙනි ක්‍රමය

මෙහි දෙවෙනි ක්‍රමය if සමග else භාවිත කිරීමයි. උඩ if මගින් කොන්දේසිය සත්‍ය නම් විතරයි ක්‍රියාත්මක උනා. මේකෙදි කොන්දේසිය අසත්‍ය නම් වෙනම දෙයක් වෙන්න ලියන්න පුලුවන්.
මෙන්න පොදු ආකෘතිය ,

if (condition)
{
condition එක සත්‍ය නම් වෙන්න ඕනි දේ
}
else
{
condition එක අසත්‍ය නම් වෙන්න ඕනි දේ
}


<html>

<body>

<h1>if else</h1>

<script type ="text/javascript">

var d= new Date( );
var t=d.getHours( );

if (t<12)
{
alert("Good Morning");
}
else
{
alert("Good Day");
}

</script>

</body>

</html>

OUT PUT 

[Image: xQHUwO3l.jpg]
මම මේක කලේ හවස නිසා මේකෙ else කොටස තමයි ක්‍රියාත්මක උනේ.

විස්තර කරන්න දෙයක් නෑනෙ condition එක සත්‍ය නම් if කොටස ක්‍රියාත්මක වෙනවා. අසත්‍ය නම් else කොටස ක්‍රියාත්මක වෙනවා.


තුන් වෙනි ක්‍රමය

මෙම ක්‍රමයෙන් දිගින් දිගටම කන්ඩිෂන් පරික්ෂා කල හැක. පොදු ආකෘතිය පහල.

if (කන්ඩිෂන් එක)
{
කන්ඩිෂන් එක සත්‍ය නම් විය යුතු දේ.
}
else if (දෙවෙනි කන්ඩිෂන් එක)
{
දෙවෙනි කන්ඩිෂන් එක සත්‍ය නම් විය යුතු දේ.
}
else if (තුන්වන කන්ඩිෂන් එක)
{
තුන් වෙනි කන්ඩිෂන් එක සත්‍ය නම් විය යුතු දේ.
}
else
{
සියලු කන්ඩිෂන් සත්‍ය නම් විය යුතු දේ.
}

මේ ආකාරයට අවශ්‍ය ප්‍රමාණයට දිගින් දිගටම කන්ඩිෂන් යෙදිය හැක.

කෝඩ් එකකින් බලමු.
[/color]
<html>

<body>

<h1>if. else if... else.</h1>

<script type ="text/javascript">

var d=Number ( 100 );
var k=Number ( 80 );

if (d>110)
{
alert("d>110");
}
else if (d<111)
{
alert("d<111");
}
else if (a>123)
{
alert("a>123");
}
else if (k<d)
{
alert ("k<d");
}
else
{
alert ("unknown");
}

</script>

</body>

</html>

OUT PUT
[Image: u2Ke0Eql.jpg]

විස්තර කරන්නෙ නෑ බලල තේරුම් ගන්න.

swich conditional statement

ඔයාල දන්නව ඇති program එකක තියෙන code ප්‍රමාණය අඩු උනාම ඒක වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙවෙයි ලියන්නත් ලේසියි. ඉතින් දෙනු ලබන කන්ඩිෂන් එකක් දිගින් දිගටම පරික්ෂා කර බලා ඒවයේ සත්‍යාසත්‍යතාව පදනම් කරගෙන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න if සමග else හා else if පාවිච්චි කරනවා වෙනුවට swich statement එක පාවිච්චි කිරීමෙන් උඩ කියපු වාසි ගන්න පුලුවන්.

මේකෙ පොදු ආකෘතිය ;

swich (ප්‍රකාශය)
{
case "අගයක්": සත්‍ය නම් වියයුතු කාර්යය ;
break;
case "අගයක්": සත්‍ය නම් වියයුතු කාර්යය ;
break;
case "අගයක්": සත්‍ය නම් වියයුතු කාර්යය ;
break;
...........
.........
..........
default: ඉහත සියල්ල අසත්‍ය නම් විය යුතු කාර්යය;
break;
}


<html>

<body>

<h1>swich statement </h1>

<script type ="text/javascript">

var m = Number (5);
var s =String( );

switch (m)
{
case 1: s = "january";
break;
case 2: s = "february";
break;
case 3: s = "march";
break;
case 4: s = "april";
break;
case 5: s = "may";
break;
case 6: s = "june";
break;
case 7: s = "july";
break;
case 8: s = "august";
break;
case 9: s = "september";
break;
case 10: s = "october";
break;
case 11: s = "november";
break;
case 12: s = "december";
break;
default: s = "no month";
break;
}

document.write(s);

</script>

</body>

</html>
OUT PUT
[Image: FeeIDgRl.png]

මේකෙ s කියලා String variable එකක් හදලා තියෙනවා පස්සෙ ඒකට අකුරු දාන්න. මේකෙව්String කියන එකේ s capital මතක තියාගන්න.ඉතුරු ඒව ඔයාලට තේරුම් ගන්න පුලුවන්.


ඔන්න එහෙනම් මම ගියා ඊලග එකෙන් එන්නම් බුදුසරණයි.
Simply thinking is my style;
#2
Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Tut] [MEGATHREAD] Javascript සිංහලෙන් 0xEDD1E 10 992 09-14-2019, 10:39 AM
Last Post: Induwara Uthsara
Star [Tut] JavaScript -5 (Loop) ★Ka_Ni_▲KN▼ 1 60 09-13-2019, 03:06 AM
Last Post: Area Master
Star [Tut] JavaScript - 3 (Operators) ★Ka_Ni_▲KN▼ 1 79 09-13-2019, 03:03 AM
Last Post: Area Master
Smile [Tut] JavaScript-01 ★Ka_Ni_▲KN▼ 6 167 09-03-2019, 12:20 PM
Last Post: Zen



Users browsing this thread: 1 Guest(s)