Widane Forums
[Tut] ඔයා use කරන Web Browser එක මොකක්ද ? - Printable Version

+- Widane Forums (https://www.widane.com)
+-- Forum: Computing (https://www.widane.com/forum-55.html)
+--- Forum: Computer Softwares & Tools (https://www.widane.com/forum-58.html)
+--- Thread: [Tut] ඔයා use කරන Web Browser එක මොකක්ද ? (/thread-390.html)

Pages: 1 2 3 4


ඔයා use කරන Web Browser එක මොකක්ද ? - Mr.freak - 01-18-2019

[Image: 50563462-2291266614443037-6835123298313961472-n.jpg]


මේ ප්‍රශ්නෙ මෙහෙම ඇහුවොත් ගොඩක් අය කියයි Google Chrome කියල, අතරින් පතර Firefox/ Safari ඊට අමතරව Opera/ Vivaldi/ UC Browser/ Maxthon අනංමනං කියල ඉවර කරන්න බැරි තරම් Browser තොගයක් එක එක්කෙනාගෙන් අහගන්න පුළුවන් වෙයි. Web Browser කොච්චර තිබ්බත් දැනට ප්‍රධාන Browser Engine තුනයි තියෙන්නෙ.

  1. Blink (chromium based browser use කරන්නෙ මේ Engine එක )
  2. Gecko (Mozilla Firefox මේ Engine එක use කරනව)
  3. Webkit (මේක තමා IOS & Mac OS එක්ක එන Safari Browser එක use කරන Engine එක)

ඔය Browser Engine තුනම open-source. ඒ කියන්නෙ ඒ project use කරල ඕන කෙනෙක්ට තමන්ට ඕන විදියට browser එකක් හදාගන්න පුළුවන්. මේකේ ප්‍රධානව Chrome / Firefox / Safari ගැන කිව්වට එතකොට Opera / Vivaldi වගේ browser මොන Engine ද use කරන්නෙ කියල බැලුවොත් ගොඩක් browser Chromium source code use කරල තමා develop කරල තියෙන්නෙ ඒ අයට ඕන විදියට tweak කරල. Opera වලට ඉස්සර එයාලගෙම Engine එකක් තිබුන Presto කියල. පස්සෙ එයාලත් Blink (Chromium) Engine එකට මාරු උනා.

ආ එතකොට කෝ අපි ආසම Microsoft එකේ Internet Explorer & Edge ? :3

Internet Explorer වලට Microsoft එකෙන් use කලේ Trident කියල Engine එකක්. පස්සෙ Edge browser එකට එනකොට Microsoft එකෙන් EdgeHTML කියල අලුත්ම Engine එකක් Design කලා. මේ මොනව කලත් සාර්තක උනේ නැති නිසා මේකත් Discontinued කරල Microsoft එකත් Chromium (Blink) based browser එකක් හදන්න යන්නෙ.
හැබැයි අද කියන්න යන්නෙ ඔය එකක් ගැනවත් නෙවේ ඔය හැමෝටම සෙට් වෙන lightweight & privacy focus කරන් design කරපු chromium based open-source web browser එකක් ගැන.

නම තමයි Brave Browser, Android user කෙනෙක්නම් මේ වෙනකොටත් Playstore එකේ දැකල ඇති. මේක Android වලට විතරක් නෙවේ Windows / Mac / Linux / IOS ඔක්කොටම තියෙනව.

ඇයි දැන් මෙච්චර browser තොගයක් තියෙද්දි මම මේක ගැන කියන්නම post එකක් දැම්මෙ? ?

හේතුව මේකයි මේ browser එක හදල තියෙන්නෙ chromium වල තියෙන ගොඩක්  අනවශ්‍ය telemetry codes clean කරල. powerful adblocker + tracking protection + script blocker + https everywhere වගේ feature add කරල තියෙනව. ඒ නිසා browser එක open වෙන්න & web surfing පට්ට speed. ram usage අඩුයි. අනික private mode (incognito mode) එක ගත්තත් කොටස් දෙකක් තියෙනව. ඔයාට නියම private mode යන්න ඕන නම් Tor tunnel එකක් එක්ක private window එකක් open කරන්න පුළුවන් <3 UI එකත් simple. chromium based නිසා chrome store එකේ තියෙන ඕන extension එකක් use කරන්නත් පුළුවන්.

[Image: 50053194-2291250921111273-2131584297545498624-n.jpg]

දැන් මම මෙච්චර කිව්ව වගේ ඇත්තටම මේ browser එකෙන් අපේ privacy protect කරනව කියල හිතන්නෙ කොහොමද? ?

මේ browser එක open-source ඒ නිසා ඕන කෙනෙක්ට check කරල බලන්න පුළුවන් privacy concern එකක් තියෙනවනම් source code එක. අනික මේ browser එකේ developers ගැන බැලුවොත් Javascript inventor, Mozilla එකේ co-founder වගේ අය තමා මේ browser එකේ development පිටිපස්සෙ ඉන්නෙ. Smile privacy ගැන හිතන කෙනෙක් නම් speed එකේ internet surf කරන්න ඕන නම්. data save කරගන්නත් ඕන නම් try කරල බලන්න මේ browser එක.

[Image: 50053235-2291250801111285-5819448358414057472-n.jpg]

එතකොට මේ ඔක්කොම හොද නම් browser එකේ අවුල් ඇත්තෙම නැද්ද? ?

browser ගැන කියනවනම් මම ඔය එක එක browser ආවම හැම එකම test කරල බලනව, හැබැයි අන්තිමේ පුරුදු browser එකටම මාරු වෙනව. ඉස්සරම use කලේ firefox පස්සෙ යාලුවෙක්ගෙන් opera හම්බුනා ඒක use කර කර ඉද්දි chrome සෙට් උනා. එදා ඉදන් chrome use කරල ආයෙ opera වලටම මාරු උනා. Brave use කරනකල්ම මගෙ primary browser එක උනේ opera. Brave එක තමා මට සෙට් උන සුපිරිම browser එක. හැබැයි මේකෙ එක අවුලක් තියෙනව. මෙයලගෙ main goal එක userගෙ privacy නිසා කිසිම data එකක් මෙයාලගෙ server වලට sync කරගන්නෙ නෑ. Password / Auto fill data browser එකටම sync කරන් ඉන්න පුරුදු වෙලා ඉන්න අයට ඕක තමා එකම අවුල. ඒකටත් solution එකක් තියෙනව Wink LastPass වගේ service එකක් use කරනවනම් ඒ අවුලත් අවුලක් නෙවේ,

[Image: 50721810-2291250811111284-1560542784652312576-n.jpg]

තව කියන්න දේවල් ගොඩක් තියෙනව type කරන තරමට නොදැනිම post එක දික් වෙන නිසා වැඩි විස්තර බලන්න ඕන අයට link දාන්නම්.

PC (Windows)/ Mac/ Linux:

[To see links please login or register here]


Android:

[To see links please login or register here]


IOS:

[To see links please login or register here]


ආ තව දෙයක් මෙච්චර හෑල්ලක් type කලේ ලංකාවෙ මිනිස්සු privacy ගැන වැඩිය තැකීමක් කරන්නෙ නැති නිසා මේ වගෙ පොඩි පොඩි දේවල් වලින් හරි path එකට ගන්න ඕන කියල හිතුන නිසා Smile


RE: ඔයා මොකක්ද use කරන Web Browser එක? - Anøn LK - 01-18-2019

Thanks mcn, dan enneth brave eken Tongue


RE: ඔයා මොකක්ද use කරන Web Browser එක? - Mr.freak - 01-18-2019

(01-18-2019, 06:15 PM)Anøn LK Wrote: Thanks mcn, dan enneth brave eken Tongue

ela❤✌


RE: ඔයා use කරන Web Browser එක මොකක්ද ? - Elite_x - 01-18-2019

එලම මචං. Keep it up


RE: ඔයා use කරන Web Browser එක මොකක්ද ? - Mr.freak - 01-18-2019

(01-18-2019, 07:55 PM)Elite_x Wrote: එලම මචං. Keep it up

thanks මචං 


RE: ඔයා use කරන Web Browser එක මොකක්ද ? - R4'0N3 KR332 - 01-19-2019

Keep it bro Smile Heart


RE: ඔයා use කරන Web Browser එක මොකක්ද ? - Area Master - 01-19-2019

TFS mcn Smile


RE: ඔයා use කරන Web Browser එක මොකක්ද ? - Induwara Uthsara - 01-19-2019

supiri bro.. Smile watinawa. TFS.. Heart


RE: ඔයා use කරන Web Browser එක මොකක්ද ? - Mr.freak - 01-19-2019

(01-19-2019, 01:03 AM)R4'0N3 KR332 Wrote: Keep it bro Smile Heart

(01-19-2019, 03:11 AM)Area Master Wrote: TFS mcn Smile

(01-19-2019, 08:33 AM)Induwara Uthsara Wrote: supiri bro.. Smile watinawa. TFS.. Heart

Ela ❤✌


RE: ඔයා use කරන Web Browser එක මොකක්ද ? - Mmx - 01-19-2019

ක්‍රෝම් එක යූස් කරන එකම හේතුව sync feature එක බන්. බ්‍රේව් ට්‍රයි කරල බලමු. Keep it up bro