Widane Forums
[Tut] Database Management 002 - Printable Version

+- Widane Forums (https://www.widane.com)
+-- Forum: Programming, Coding & Languages (https://www.widane.com/forum-25.html)
+--- Forum: Miscellaneous Programming Talk (https://www.widane.com/forum-35.html)
+--- Thread: [Tut] Database Management 002 (/thread-1077.html)



Database Management 002 - Luzifer - 10-06-2019

හරි ඔන්න පලවෙනි ටියුට් එක දානවා..බලමු මොකක්ද ඩේටාබේස් එකක් කියන්නෙ කියලා..මාත් සේරම දැනගෙන ලියනවා නෙමෙයි. මේකෙ අඩුපාඩුවක් හරි ඔයාල දන්න දෙයක්  තිබ්බොත් පහලින් දාන්න..

• එකිනෙකට සම්බන්ද වූත්, සංවිධානය වූත් දත්ත සමුදාය එකතුවකි.

මේකෙන් කියන්නෙ ඩේටාබේස් එකක දත්ත තියෙන්නෙ වගු වල..ඒවා අපිට ලේසියෙන් පාවිච්චි කරන්න පුලුවන් විදිහට එකිනෙක සම්බන්ද කරල තියෙන්නේ..

[Image: qXgxFtEl.png]

• එය මූලික අංග 3කින් සමන්විත වේ..

වගු (tables)
උපලැකි (Field/Attribute)
උපලැකියාන(record/row/tuple)

මොකක්ද මේ වගුවක් කියන්නේ ?

[Image: p8jwM9Sl.jpg]

වගුවක දත්ත දාල තියෙන්නෙ උඩ පින්තූරෙ විදිහට..ඩේටාබේස් එකක මෙහෙම වගු එකක් හරි කිහිපයක් හරි තියෙන්න පුලුවන්..

උපලැකියක් කියන්නෙ වගුවල පහලට එක කොටසක්.මේ වගුව ඇතුලෙ උපලැකි 4 තියනවා.ඒක පැහැදිලි වෙන්න යටින් දාන්නම් photo එකක් 

[Image: PvttFwol.jpg]

Heart

[Image: z4KlkNZl.png]


දැන් බලමු මොකක්ද උපලැකියානයක් කියන්නෙ කියලා.උපලැකියානයක් කියන්නෙ වගුවෙ හරස් අතට තියන..ඒ කියන්නෙ දත්ත දාල තියන පේලි වලට..

[Image: RuxMrmil.png]
උඩ පින්තූරෙන් උපලැකියානක් tuple කියන්නෙ මොකක්ද කියල පැහැදිලිව තේරෙන්න ඇති.උපලැකියානයක් උපලැකි එකකින් හෝ කිහිපයකින් හැදිල තියෙන්න පුලුවන්..

වගුවක උපලැකියාන ගණන ශුන්‍ය / එකක් / කිහිපයක් විය හැකිය..

තත්වය (Degree)

තත්වය කියන්නෙ වගුවක තියන උපලැකි ගණන

ගණනීයතාවය (cardinality)

ගණනීයතාවය කියන්නෙ වගුවක තියන උපලැකියාන ගණන

වගුවක ඇති ගුණ 

1 උපලැකියාන වල අනුපිටපත් තිබිය නොහැකිය ( ඒ කියන්නෙ එකම උපලැකියානය ආයෙ ආයෙ වගුව ඇතුලෙ තියෙන්න බැහැ )

2 උපලැකියාන හා  උපලැකි පටිපාටිගත නොවේ ( මේකෙන් කියන්නෙ උපලැකි හෝ උපලැකියාන තියෙන්න ඕන පිලිවෙලක් නෑ කියලා..ඒ උනාට ගොඩක් වෙලාවට primary key එහෙම මුලින් දානවා අපි )

3 උපලැකිවල ගබඩා කල අගයන් විභේදනය කල නොහැකිය ( ඒකියන්නෙ අපි name කියන උපලැකියට දැම්මොත් Kasun ekanayaka කියලා ඒක ආයෙ කොටස් වලට කඩන්න පුලුවන් අපිට surename  & fristname කියලා . එහෙම විභේදනය කරන්න බැරි විදිහට දාන්න ඕනෙ වගුවක් හදද්දි )


දත්ත සම්බන්ධයකින් අත්වන වාසි 

පුනුරුක්තිය අඩු කරගැනිමට හැකිය 
අසංගතතාව
කාර්‍යක්ශමතාව වැඩිවේ
දත්ත හවුලේ භාවිතා කිරීමට හැකිය 
ආරක්ශාව සදහා සීමවන් යෙදවීමේ හැකියාව.
ප්‍රමිතීන් බලාත්මක කරවීමට හැකිවීම

පුනුරුක්තිය :- එකම උපලැකිය හෝ උපලැකියානය නැවත නැවත තිබීම. (මෙමගින් ඉඩකඩ අපතේ යාම සිදුවෙයි )

අසංගතතාව :- එකම දත්තය නැවත යෙදීමට අවශය තැනකදී වැරදීමකින් වෙනස් දත්තයක් පිටපත් වීම ( එකම දත්තයේ අනුපිටපත් තියෙන්න ඕනෙ.වෙනස්කමක් / යාවත්කාලීන කිරීමකදී සේරම අනුපිටපත් යාවත්කාලීන් /වෙනස් නොකිරීම වගේ දේකින් තමයි මේ වගෙ දෙයක් වෙන්නේ 
 
දිග වැඩි නෑනෙ   Shy අඩුපාඩුවක් තියේ නම් යටින් දාන්න. Huh


RE: Database Management 002 - Induwara Uthsara - 10-09-2019

ela bro.. Smile


RE: Database Management 002 - Area Master - 10-27-2019

Elama Wink